Thursday, May 8, 2014

හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..



අවශ්‍ය දෑ :

ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...
නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...
මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...
ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...
කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් බමුණෙක්...

සාදා ගන්නා ආකාරය:

මුලින්ම ගීත රචකයා කියන එකා ලවා මූසල ප්‍රේම අඬෝ ඇඬියාවක් ලියා ගන්න.. මේ සඳහ අවශ්‍ය පොදු වචන වට්ටෝරුව පහත දැක්වේ...
" ඔයා , මම, සිත, ඔබ, ළඟ, නෙතු, කඳුළු, පාරවා, ගියා, රෑ, වෙරළේ, තනි වූ මොහොතේ, දුරින්, බලන්න, ඇයි?, මොකද, ඉන්න, දෙනවද, බැරිද, පුලුවන්ද, හැරදා, ගියා " වගේ පොදු වචන වට්ටෝරුවකි... වැඩිය හිතන්නෙ නැතුව ඒකෙන් වචන ටිකක් ගත්තාම හරිය..
ඉහත වට්ටෝරුවෙන් වචන යොදාගෙන, ඒවාට තවත් සරල වචන එකතු කර " ඔයා ගිය දා ඉඳන් මට රෙවෙන්නෙ නෑ.. දුරින් ඉන්න බෑ හත් ඉලව්වෙ... කහනවා..... මගෙ පපුව දනවා.. ඇසුත් අඬනවා... ඉස හැරුණු අතේ යනවා... ඔයා දන්නෙ නෑ මගේ පුකත් ගිනි අරන්... හද වැළපෙන හඬ ඔයාට ඇහෙනවද මගේ උම්මියේ.... ඔයා වගේ වේසියෙක්ට මම වගේ පොන්නයෙක් හද පිදූ එදා මතකද?... ඇහෙන මානෙක ඉන්නව නම් ඉන්න තැනකින් ඇවිත් මාව බේරගනින් බං.... ඔයා ගියදා ඉඳන් මගේ හතර කේන්දරේ පාලුයි... හුජ්ජ යන්නෙ නෑ මට නම්.....කකුල් රිදෙනවා... බඩ පපුව දැවිල්ලයි ඔයා සිහිවෙලා.... ඇයි මට මෙහෙම කලේ මගේ අම්මෝ, ඉන්න බැරියෝ... යන්නෙ නෑ කිව්වට උඹ ගියා නේද පරට්ටියේ.. ?" වගේ කාළකණ්ණි තේරුම් තියෙන සින්දු පඩංගු ටිකක් ලියවා ගත්තාම ටොප්ය...
මියුසික් වීඩියෝව හැදීමට පෙර මීට කළින් හිට් වෙච්ච වීඩියෝ කිහිපයක් බලා සිටීම මැනවි.... ගායක ලොල්ලා මූදු වෙරළක හෝ කඳු ගැටයක මුදුනේ ඉඳන් අත් දෙක පඹයෙක් වගේ දෙපැත්තට දික් කර කර අර ලියා දුන් පොන්න අඳෝනාව තොල් මැතිරිය යුතු අතර කැමරාව උගේ වටේ පියාඹන කෝඳුරුවෙකු සේ වරෙක ලං කරමින්, වරෙක ඈත් කරමින්, වරෙක ඌට උඩින් සහ වරෙක යටින් ඌව පෙන්නිය යුතුය... මූදු වෙරළක නම් වෙරළේ රළ ගෙඩි බිඳී, පෙණ වලින් ගායක ලොල්ලා නෑවී යන අයුරු හෝ ගායක ලොල්ලා අත් දෙපැත්තට විහිදාගෙන පිහාඹින්න හදන අයුරු පෙන්නිය යුතුය...
දැන් ඔන්න ඉතින් කථාව... කෙල්ල හැමවිටම එක්කෝ ඉස්කෝලෙ කෙල්ලකි.. නැත්තන් ටියුෂන් යනවාය... ටියුෂන් යනවා නම් ඉඳගත්තොත් ජංගිය එලියේ සයිස් කොට සාය කෑල්ලක් ඇන්දවිය යුතුය... ඉස්කෝලෙ යනවා නම් ඇඟට තෙල් ගාලා අන්දවන්න ඕන හිර යුනිපෝම් ගවුමක් ඇන්දවිය යුතුය... ඉන්නෙ බස් හෝල්ට් එකකය.. මුස්පේන්තු නලු බට්ටා ඔතනට යාලුවෝ සමග එන්නේය... ඌ කෙල්ලට ලයින් දානවා.. ඊට පස්සෙ දෙන්නා එකට ගල් බංකු උඩ, මූදු වෙරළවල, වැටකෙයියා පඳුරු යට ඉන්නවා පෙන්නන්න ඕනය.. අතරින් පතර කෙල්ලගේ කඳුළක් කම්මුල දිගේ රූටා ඇවිත් කොල්ලගේ අතට වැටෙන සීන් දෙකක් විතර තිබ්බොත් මරුය... එතනින් කෝච්චිය යනවාය... මූදේ රැළි ගහනවාය... රට කජු ඔතපු කොළ හුළඟට පාවෙනවාය...
ගෙදර ගියාම " ටීප්.. ටීප්.. ටීප්" ගාලා එස්.එම්.එස් එනවාය... කොල්ලා මර හිඟන්නෙක් විය යුතුය.. ..ඒත් ඌට පුක කසා ගන්න නියපොත්ත නැතත්, තියෙන්නේ ඉස්තරම්ම සැම්සුන්ග් ෆෝන් එකකි... ඌ ගොම්මන් වෙලාවට මඩුවට ගාල් කල හරකෙක් වගේ ගෙයි ඉස්තෝප්පු කණ්ඩිය උඩ ඉඳගෙන ඉන ඕනෑය.... කෙල්ල ගල් ෂෝටක් ගහගෙන ඇඳේ හාන්සි වී හෝ බඩ යටකරගෙන දිගා වී කොල්ලාට මල් කඩනවාය... ඒකිගේ වටේ නෝට් පොත් දෙකක් විතර හරි, ලැප්ටොප් එකක් හරි, ටැබ්ලට් එකක් හරි තියෙන්න ඕනෑය.. ඩිරෙක්ටර් බයියාට ඒවා නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ තියෙන්නම ඕනෑය...
කෙල්ල පට්ට සල්ලි කාරියෙකි... කෙල්ල තනියෙන් හිනා වෙනවාය.. කොට්ටෙ තුරුල් කරගෙන ඔලුව දෙපැත්තට වන වන හිස්ටීරියාව හැදිලා වගේ හිනා වෙනවාය... නිකන් ඉන්න වෙලාවට ඒකි බෝනික්කෝ හෝ පුලුන් වලස්සු හුරතල් කර, කර උන්ගේ නහයෙන් අල්ලා හොලවනවාය... ඒකි නාන සීන් එකකුත් ගන්න පුලුවන් නම් වඩා යහපත්ය... ඒකි නාන බේසමක බැහැගෙන, සබන් පෙණ වලින් විලි වහගෙන, කකුල් දෙක විතරක් පෙන්නාගෙන, අල්ලට සබන් බෝළ පුම්බන සීන් එකක් තියෙනවා නම් මරුය... ඒකෙ ගැලපීමක් ඇතත් නැතත් වැඩේ නැගලා යනු ඇත...
ඔහොම ඉන්න කොට මුන් දෙන්නාව එක්කෝ කෙල්ලව බඳින්න ඉන්න සල්ලි කාර කොල්ලාට අහුවිය යුතුය... නැත්නම් කෙල්ලගේ අයියාට හෝ තාත්තාට මාට්ටු විය යුතුය.. ඒ මොක වුනත් මාට්ටු වෙන්නේ මෙළෝ බලු කපුටෙක් නැති හද්දා පාලු පාරක මුන් දෙන්නා තොඳොල් වෙවී ඇවිදගෙන යන වෙලාවටය... කෙල්ලගේ සල්ලිකාර වෙන්ට හස්බන්ඩ්, අයියා හෝ තාත්තා ලක්සරි කාර් එකක ඔතනින් යන්නේය... මුන්ව දැකලා, කණ්නාඩියෙන් බලලා, "කරාස්" ගාලා හෑන් බ්‍රේක් ඇදලා, දොර ඇරගෙන ඇවිත් කෙල්ලගේ අතින් ඇදලා "චටාස්" ගාලා ඒකිට කම්මුල් පාරක් ගැසිය යුතුය.. කම්මුල් පාර හොඳට සද්දෙ හිටින්න ගහන්න ඕනෑය... "චටාස්" සද්දෙ දෝංකාර දෙන්න ඇසිය යුතුය... කොටින්ම කිව්වොත් මේ වගේ වීඩියෝ බලන කරුමක්කාරයන්ට ඉන්න තැන්වලම චූ යන සයිස් කම්මුල් පාරක් විය යුතුය...
ඊට පස්සෙ කෙල්ල ගෙදර කාමරේට කොටු කර තබයි... කෙල්ල පැටවු මැරිච්ච නාකි වැළහින්නක් සේ අඬයි... කොල්ලා ගහෙන් වැටිච්ච රිලවෙක් වගේ විරවගෙන ඉඳියි... කොල්ලාගේ යාලුවෝ කොල්ලාව සනසන්න ඌට ක්‍රීම් සෝඩා අරන් දෙයි... ( ඕන නම් ක්‍රීම් සෝඩා එකට මොකක් හරි සමාගමක නමක් දා ගන්න පුලුහන්ය... ) ...
අන්තිමට වීඩියෝ එක ඉවර විය යුත්තේ එක්කෝ කෙල්ල ඇක්සිඩන්ට් වෙලාය.. නැත්තන් කොල්ලා කෝච්චියට, ගඟට, මූදට හෝ වැවට පැනලාය... කොල්ලා දවසක්දා පාරේ ඔහේ ඇවිදගෙන එනකොට කෙල්ල හරියටම එතනදිම කොල්ලා දිහා බලාගෙන, උගේ නම කියාගෙන පාර පනින්න ගිහින් වාහනේකට අහුවෙයි... ඊට පස්සෙ ඉතිරි ටික කරන්න අතේ සල්ලි තියෙනවා නම් හොස්පිටල් එකකට කෙල්ලව ට්‍රොලියක දාගෙන ගෙනියන හැටිත්, ඊට පස්සෙ දොස්තරලා ඒකිව ඔපරේෂන් කරන හැටිත්, කොල්ලා දණින් වැටී ඔලුවේ අත් දෙක බදාගෙන අඬන හැටිත්, කෙල්ලගේ ECG එක බිංදුවට වැටෙන හැටිත්, අන්තිමට කොල්ලා මල් පොකුරක් අරගෙන ගිහින් කෙල්ලගෙ සොහොන උඩින් තියන හැටිත් පෙන්නිය යුතුය... එතකොට මාර රොමෑන්ටික්ය... අයියලා අක්කලාගේ ජංගි තෙත් වෙන්නේ ඒ වගේ රොමෑන්ස් එකක් පෙන්නන කොටය... මාර ලව්ය... බොක්කෙන්ය... ටොප්ය... ඒ වෙලාවට සින්දුවේ උච්චතම අවස්ථාවයි... කැමරාව පිස්සු හැදිච්ච බඹරෙක් වගේ ගායක ලොල්ලා වටේ කැරකෙයි... ගායක ලොල්ලාද උගේ ලොලු කටේ හඬේ උපරිම පොන්න ගතියෙන් අඳෝනාව උච්ඡ ස්වරයට ගෙනා යුතුය....
එහෙමත් නැත්නම් මෙහෙම සීන් එකක් ගත හැක... කෙල්ල කසාද බැඳලා හයි ෆයි කාර් එකකින් හනි මූන් යයි... අර බෝයි ප්‍රෙන්ඩ් බූරු ගහලා පැරදිච්ච නාකි බයියෙක් වගේ පාර අයිනෙ දණිස්ස උඩ හොම්බ තියාගෙන ඉඳියි... ඌව දකින කෙල්ල ජනේලෙන් ඌට අඬ ගහන්න අත උස්සා "එක්කො මොකටද අද රෑට මුගෙන් ෂොට් එක වදින එක, දැන් මේ කොහෙවත් ඉන්න එකෙක් මත්තෙ නැහෙන්නේ" කියන්නා සේ නිහඬව යයි... කාර් එක ඈතට යයි... අරූ අත ගගා උම්බෑ ගායි...
දැන් වීඩියෝ එක සාදා ඉවරය... දැන් ඉඩමක් උගස් තියා හෝ මේ රටේ කරුමෙට බිහිවෙච්ච පඩත්තල රූපවාහිනි චැනල් එකකට පගාවක් දී, ඔක්කාරෙට එනකල් ඔය සින්දුව " හද රැඳි ගූ, වස මුසු ගූ, හිතක් පිරිමදින අතක්, තාරුණයයේ අහවල් එක" වගේ ගොබ්බ වැඩසටහන් වල මාසෙකට එකොළොස් දාස් වාරයක් විතර දාන්න කිව්වාම ගොඩේ ගොඩය...
ඊට පස්සේ මේ රටේ සැබෑ සාමාජීය ප්‍රශ්ණ හමුවේ නැගී නොසිට, සැලෝලයිඩ් වල අතරමං වෙච්ච, මල් මල් ලව් හීන ලෝකයක් පතන, පෞර්ෂයක් නැති මූසල හැත්තක් බෝ කරන යහපත් ව්‍යායාමයට ඔබටත් දායක විය හැක... මතක ඇතුව සින්දුව රිංග් ටෝන් හැටියටත් විකුණ ගන්න...

45 comments:

  1. අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන් අතරින් හොටු අමතක වීම ගැන ඉතා කනගාටුවට පත්වෙමි. කොල්ලා අඬන විට හොටු බාල්දියක් පමණ හීරීය යුතුය. හොටු පිටවනා තරම අනුව. බුද්ධිමත් තාරුණ්‍ය ගීතය කෙරේ අලවා තබා ගැනීමට එම හොටු කන්දරාව බෙහෙවින් ඉවහල්වේ. පොන්නයෝ හොටු වලට කොහොමත් මනාපය.

    ReplyDelete
    Replies
    1. ඇයි අඩන කොට දත් බෙහෙත් ඇඩ් එකක් වගේ දත් සේරම පෙන්නන්ට ඕනෑ.නැතිනම් කට පුලුවන් තරම් කට ඇරන් ඉන්න ඕනා..මුලු ආහාර මාර්ගය ආමාශයට යනකම්ම දිග පේන්න.

      Delete
    2. හි හි .. මේක කියවලා ඉවවෙනකල්ම හිනා අප්පා.

      Delete
    3. ++++++++++++
      https://www.youtube.com/watch?v=P46kJVj401c

      මේ තියෙන්නේ බඩු ......අය්යෝ සිංදු ...

      Delete
    4. @ කැලුම්
      අයියෝ සින්දු බැලුවාම අයියෝ ඩේටා වෙන විත්තිය දන්නෙ නැද්ද ??

      Delete
    5. "අයියෝ ඩේටා"+++++++++++

      ඒකනම් ඇත්ත ඕනයෝ ....(මට office 1n නිසා තවම අවුලක් නැ )

      Delete
    6. මේ වීඩියෝව බැලුවා, නවනිංගිරාවයි! බුට් කෑවා කියා ඔහොමත් කිච විදියට අඩනවා දැක්කාමයි.

      Delete
    7. මාතලන්ගේ පට්ට රැඩිකල් අදහස් එක්ක මේ පොස්ට් එක ගැටෙන්නේ නැත්ද ?. ඔහේ මේ ඊයේ පෙරේදා වෙන සයිට් එකක කීවේ මොකා මොනවා කීවත් නව පරපුරේ මේ වගේ වෙනස් ගීත වලට ඔහේ බොක්කෙන්ම සපෝර්ට් කියලනේ. මාතලන්ගේ කතා නිකන් තම්බිගේ තොප්පිය වගේ

      Delete
  2. හැක් නෙලලා හතර වටටෙම එල එල දැන් ඉන්න හාල්පාරුවෝ කියන සිංදු අහනවට වඩා හොදයි අහන්නෙ නැතුව ඉන්න එක

    ReplyDelete
  3. අපූරු බ්ලොග් අඩවියට පාර පෙන්නුවෙ මාතලන්. ඔබේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි. ඔබට දිගුගමනකට ආසිරි පතනවා.

    ගොඩවෙන්න මං ලියන බ්ලොග් එකටත්, ඔබේ මේ අරමුණ අනුව මගේ බ්ලොග් සටහන් වලටද ඔබ කැමතිවනු නොඅනුමානයි.

    ReplyDelete
  4. ++++++++++++++++++ හප්පොච්චියේ පට්ට පටේ පට පට

    ReplyDelete
  5. මේක හරිම ෂෝක්.අපිත් ගෙදර කථාවෙන දෙයක්.ඒකට අලුත් අදහස් ගොඩාක් එකතු වුණා.
    තව ටිකක් එකතුකරන්නම් කෝ.
    *වචන සෙට් එකට නෑ,බෑ,හඩලා, අනිවාර්යයි මගේ හිතේ.
    ගායක ලොල්ලෝ අතැරදාපු පාලු බිල්ඩිම් වල,ගැරජ් වල,අනිවා ෂර්ට් එකේ බොත්තම් නැහැ දොඩං කට්ටක් වත් තිබිලා නැහැ ගහන්ට.නැතිනම් ග්‍රිස් ගාලා අන්දපු ටී එකක්.කලිසම වැටෙන්න ඔන්න මෙන්න.පිච්චුන ගිනිකුරකින් කොහේ හරි රැවුල ඇදලා,හත් අවුරුද්දකින් කොණ්ඩෙ පීරලා නැහැ.නැතිනම් කොණ්ඩේ උදුගොව්වෝ කාලා,නැතිනම් කෙස්වලින් උඩට නුල් ඇදලා රූකඩ නටෝනවා.,නැතිනම් නාපු ගමන් තෙත බේරි බේරි,ගැරජ් එකේ යකඩ කෑලි ඇගේ තැන් තැන්වල එල්ලන්.
    පිස්සන්කොටුවේ කරන් අල්ලකොට වගේ මිරිකෙනවා,

    ගැල්ලමයි නම් උදේ නැගිට්ට ගමන් කොණ්ඩෙ පිරන්න කලින් නයිට් ඇදුම පිටින් . ඇද තෙමන පොඩි බබාලාගේ නැපි මාරුකරනවටත් ඉක්මනට නයිටි ගොඩාක් මාරුකරනවා ටක් ටක් ගාලා.ඒ ගෑල්ලමයි චැනල් එකක අයිතිකාරයෙක්ගේ හරි වෙන කාගෙහරි බලවතෙක්ගේ පැටියෙක් නම් ප්‍රචාරණය ගැන සුට්ටක් වත් කරදර වෙන්න දෙයක් නැහැ.

    බැසිල් ගල් අල්ලපු පාරවල් හරි කොළඹ ආස්චරිය පෙන්නන්න.නැතිනම් දුම් ගහන කදු.ඇයි අලිත් ගහන් යන තරම් හුළග.

    ReplyDelete
    Replies
    1. මේ ඔයා මොකද අනුන්ගෙ බ්ලොගක සීනි කිරන්නෙ.

      Delete
    2. තව තියෙනවා. ගායක ලොල්ලාට play කොරන්ට බැරිවුනත් කමක් නෑ ගිටාර් එකක් තියාගෙන පුක් මූනක් දාගෙන ගිනි ගොඩක් හරි ගල් ගොඩක් හරි ලඟ ඉඳගෙන ඉන්න සීන් එකකුත් තියෙන්ට ඕනෑ.

      එළකිරි රචනාව. නයි කයිද රෝස් පාං කිව්වලු.

      Delete
  6. පට්ටම පට්ටයි හලෝ මාතගේ වදන්වලින් කියනවනං වල්ලා පට්ට ලියැවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ගූතලං, ගොන්ජි මොනා කීවත් මට නම් මාර වටිනවා.
      සට්ටඹිගෙදර නලින් දිල්රුක්ෂ

      Delete
  7. කියන්න දෙයක් නැහැ සුපිරි ඈ. ඇයි ගොඩක් ඒවල බලපු බලපු තැන කෙල්ල හිනා වෙනවා ,,අනේ පව් අසරණයා අල්ලලා බලන්න හදද්දී එතන මොකුත් නැහැ ඊට පස්සේ ඒ දික් කරපු අත එහෙම්ම අරන් කොන්ඩේ ගලෝලා ගන්න වගේ මුළු ඇගිලි පහෙන්ම ඔලුව පහුරු ගහනවා. නැත්තම් පපුවේ අලෝගන්නවා..

    ReplyDelete
  8. අනේ මේකනම් වල්ලාපට්ටයි කිඹුල් හූනෝ. (ඔන්න මං රචකයාට උපරිම ගෞරවය දැක්වුවා.) හිනාව තාම ඉවර නෑ. ඇයි කොල්ල කුඩයක්, වහලක් නැතුව උලම වගේ හෙන වරුසාවකට තෙමෙන එක.

    උපහාසය උපරිමයි සහෝ. පාර කිව්වෙ මාතලන් බොස්.

    ReplyDelete
    Replies
    1. කෝ අර "අනී" කෑල්ල. දැන් කවුරු හරි හොඳට ඇනලා ඉවර ඇති නේද අනී. පලයන් නෝනේ යන්න අනිත් උන්ට ලොකු ටෝක් දෙන්න කලින් තමන් හරියට ලියන්න කියන්න පුරුදු උනොත් හොඳ නැද්ද?. අපි නොදන්න පොෂ්.

      ඔය උඩින් තියන කොමෙන්ට් එකටත් මේක මේ විදිහම තමා

      Delete
    2. නෝනේ මෙතන මේ මොකක්ද ඔහේ කියන්නේ. මට තේරෙන්නේ නැනේ
      http://www.blogger.com/profile/14987918650008002704

      Delete
    3. අනාආආ පව් අනා ඔයා.

      Delete
    4. Anolata banala kunuhabba ahaganna weyi kiyala api bayai neda bassiye..

      Apurvi

      Delete
  9. මාතලන් අයියා සින්ඩිය දිගේ නියම බ්ලොග් එකකට පාර පෙන්නලා තියෙන්නේ...

    සුපිරි බ්ලොග් පොස්ට් එක මචන්. හිනාවෙලා පණ ගියා. හැබැයි හිනා උනාට අපේ සංගීතයේ අනාගතය ගැන හිතෙද්දි නම් මේකට අඬන්න ඕනේ...

    ජය වේවා!

    තව දෙයක්. සින්දුව මාකට් වෙන්න බ්‍රෑන්ඩ් හත අටක්වත් දාගන්න පුළුවන් නම් පංකාදුයි.

    ReplyDelete
  10. වල්ලාපට්ට= කිඹුල්හූනු ලියවිල්ලක් කේතකයෝ

    ReplyDelete
  11. පට්ට කේතක.

    ඇත්තෙන්ම ඔබේ උත්සාහය (කේතකගේ සටහන් වැළලී යා නොදීම) සාර්ථක වේවා කියා පතනවා.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සමහර චිත්‍රපටි වලමෝඩ ප්‍රේම ජවනිකානම් ඇත්තටම හාස්‍යජනකයි. මේ කතාවත් හරි එක අතකට.

    ReplyDelete
  14. උපරිමයි මස්සිනේ උපරිමයි.. ඇති වෙන්න හිනා උනා. උඹට ප්‍රඩක්ෂන් හවුස් එකක් දාගන්න සුදුසුකං තියනවා බං !!

    ReplyDelete
  15. කරුණාකර මාගේ කොමෙන්ට් මැකීමට පෙර බ්ලොග් අවකාසයේ මොවුන්ගේ ව්‍යාජ හැසිරීම තව දුරටත් සොයා බලන්න.

    ReplyDelete
  16. සුපිරි..බස්සි අක්ක කිඋව වගේ මේක නම් වල්ලපට්ට

    ReplyDelete
  17. කරුමෙක මහත කියනවා ඇර වෙන මොනවා කියන්නද? මුන්ට සින්දු ලියන එවුන් තමයි ෆුල් ආතල්..අන්තිමට ඌ ලිව්වේ මොනවාද කියලා දන්නේ නැහැ.

    ReplyDelete
  18. අර ඉරාජ්ගේ අළුත් සිංදුවේ තිබ්බ වගේ " අඩන්නම ඕන මල්ලී හිට් වෙන්න.."

    ReplyDelete
  19. එළකිරි ... මාතල්න්ගේ සින්ඩිය දිගේ පැමිණියෙමි. කෙතකගේ අදහස් මෙලෙස බ්ලොග් ලොවට පැමිණීම අගය කරමි

    ReplyDelete
  20. නියමයි. කියල වැඩක් නෑ. තාමත් හිනා.

    ReplyDelete
  21. කොහොම උනත් අඩන තරමටලුනේ කිරි එරෙන්නේ :3

    ReplyDelete
  22. පට්ටයි පට්ට පටයි...

    ReplyDelete
  23. අදම යි මේ පැත්තෙ ආවෙ..එනකොට ම පට්ටම පෝස්ටුවක් :ඩී
    දැකල තියෙන සින්දු ඔක්කොම මැවිල පෙනුණ...
    එළ.. ජය වේවා!!!

    ලැම්බා ගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
  24. අම්මපා සහතිකම ඇත්තය!!! සුපිරි ලිවිල්ලකි.මේක දැකිය යුත්තෝ දකිත්වා කියල පතනවා..එක අතකට දැක්කත් ඇති වැඩක් නෑ අප්පා

    ReplyDelete
  25. හහා! මේක සිරා ඈ..හිනාවෙලා පණ යනවා..:D :D

    ReplyDelete
  26. සිංහල බුකි අවකාශයේ විශිෂ්ටතමයා වන කේතක ලියු සටහන් වලට ගහන්න කෙනෙක් සිංහල රචකයන් අතර ඇත්තෙම නැති තරම් බව නොබියව ප්‍රකාශ කරමි. ඔහු නැති දවසක වුණත් ඔහු ලියු දේ අපව දහස් වාරයක් හිනස්සාවී. තහනම් වචන බ්ලොගය මෙතෙක් දුර ඒමට වැඩිම දායකත්වයක් දුන් දෙදෙනා අතරින් කේතක ද එක් අයෙක් බැවින් අපේ උපහාරය ඔහුට අනිවාර්යයෙන් හිමි වේ. (අනෙකා වන්නේ අන් කිසිවෙකු නොව මාතලන් ම ය.)

    ReplyDelete