ලහිරු කියා ඇති කථාව සම්පූර්ණ අසත්‍යයකි...පට්ටපල් බොරුවකි...උමාරියා එක්ක හැරෙන්නවත් නන්දා ඇන්ටිට බෑ කිව්වාට ඇත්තම කිව්වොත් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් උමාරියාට බැරිය... මොකද කිව්වොත් උමාරා පීඩිතයන්ගේ නැගිටීම් විකුණාගෙන සල්ලි හම්බ කර නැත... ඒකිගෙ බොළඳ හම්පඩ ලව් සින්දු සහ කොකා කෝලා බොට්ල් එක විකුණගෙන හම්බු කළ සල්ලි වල උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ ලේ වල අලෙවි මිළ සඳහන් නොවේ...
නන්දා ඇන්ටී සහ සුනිල් අන්කල් මුලින්ම හිතුවේ පැවති අතිශය අස්ථාවර වාතාවරණය තුළ දකුණේ විප්ලවවාදින්ට ජය අත්වනු ඇත කියාය.. ඒ නිසා අන්කල් ඇඟේ ලේ නටන පට්ට සින්දු සෙට් එකක් ලීවේය.. ඇන්ටි ඒවා මර ලතෝනි ලෙස ගායනා කරන ලදී... "පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ.. හදිසියේ වත් දෙවන මහජන නැගිටීම ජය ගත්තා නම් ජෝන් ලෙනන්, වික්ටර් ආරා ලෙවල් එකේ පොරවල් වන්න සිහින මවාගෙන සිටියේ මුන්ය.. එහෙම උනා නම් මුන්ට වඩා සටන්කාමී කළාවක් බිහිකල තවත් උන් මේ දකුණු ආසියාවටම නැති වෙන්නට ඉඩ තිබිණි... අපේ බයියලාත් මේ අකුරු වලට පට්ට විදියට ඇන්දාහුය.. ( මාත් ඇතුලුව ) .. තවමත් අඳිති... " යදමින් බැඳ විලංගු ලා " කියනකොට අපේ ලේ තාමත් නටනවාය... අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය.. ඉන් පසුව එළඹියේ උතුරේ පීඩිතයන්ගේ නැගිටීම වෙනුවෙන් අඬන සමයයි.. ඒකත් ඇන්ටි සහ අන්කල් ගජරාමෙට අළෙවි කරගත්හ... චන්ද්‍රිකා නැන්දා සාමය ගෙනවිත් මංගල සමරවීර අන්කල් සහ ඩිලාන් අන්කල් සාම තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය... අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය... සිරාවට උමාරියා උඹලගෙ පරම්පරාවේ සින්දු කියන ලොල්ලන් සහ ගූ මුට්ටි මට පේන්න බැරි උනත්, උඹලා නම් තවම මේ වගේ වැඩ කර නැත... උඹට නම් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් බැරිය...
ලංකාවෙ කළා කාරයන් කියා ගන්නා කට්ටිය අතර "මාර පොරවල් නැත"... ගස් නැති රටේ තුත්තිරි ගහත් අතු පතර විහිදා ගිය රූස්ස ගසක් ලෙස පෙනෙන්නා සේ අපට අමරදේව සීයාව පෙනේ.. වතාවක් ජාතික රූපවාහිනියට ඉන්දියාවේ සිට සංගීත ඔස්තාර් කෙනෙක් ගෙන්නුවේය.. ඒ ඔස්තාර් සමග සාකච්ඡාව මෙහෙයවන්න හරි හමන් මිනිහෙක් ජාතික රූපවාහිනියට නොසිටි නිසාදෝ අමරදේව සීයාව යෙදුවේය... අමරදේව සීයා පොරසේ "මෙන්න අපේ ගැයිය සහ තනු " කියා සීයාගේ සින්දුවක් කියා පෙන්නුවේය.. ලස්සන හිනාවක් පෑ ඉන්දීය ඔස්තාර් එතන තිබුණු සර්පිනාව ගෙන "ඕක අපේ අහවල් තනුව නොවැ" කියා ඒ තනුව සහ රාගය වාදනය කර පෙන්නුවේය.. අමරදේව සීයා ප්රමුඛ සකළ කලා වල්ලභයන්ට විනාඩි ගාණකට ඇඩ්රස් නැති වූ අතර බලා සිටි ජනතාවගේ ඇඳුම් ඇඟට නොදැනීම ලිහී දෙපා මුල පාත් වෙන්නා සේ දැනෙන්නට ඇත... රාමොන් මැග්සෙසේ සම්මානය අමරදේව සීයාට ලැබුනේ අපේ රටෙන් සීයාව රෙකමන්ඩ් කර යැවූ නිසා බව රටෙන් බහුතරය දන්නේ නැත... උන් හිතන්නේ පිලිපීනය සීයාට කරන සංගීතමය නමස්කාරයක් ලෙස මේ සම්මානය දුන්නා කියාය...
ලහිරුලාගේ පරපුරේ හිපාටුවන්, පුලුන්නන්, ලොල්ලන් සහ කොපිකැට් කාරයන් අද මේ වගේ ඛේදජනක තත්වයකට මෙරට ඇදගෙන යාම ගැන ඇත්තටම පුදුමයක් නැත... අම්බ ඔස්තාර්ලාය, පොරවල්ය, මිනිස්සුය, කළා සද්දන්තයන්ය, මහා රූස්ස ගස්ය කියපු අයත් අන්තිමට බලපුවාම උත්තර භාරතීය සංගීතයෙන් යාන්තම් පෝර දමා මේ කාන්තාරයේ හිටවා ඇති කෙහෙල් පඳුරුය... එකම වෙනස වන්නේ පීචන් වාහෙලා බටහිර සංගීත රටාවේ බාළ අනුකාරක වන විට ඔස්තාර් වාහෙලා පෙරදිග සංගීත රටාවෙ බාළ අනුකාරක වීමය... මේ කාළකණ්නි කමෙන් ඩිංගක් හෝ මිදෙන්න පර්යේෂණාත්මක පියවරක් තබන්නට බය නොවූ අය අතළොස්සකි.. ලයනල් රන්වලයන් එයින් එක් අයෙකි...
ප්‍රවීණ කළාකාරයො ගැන කථා කරනකොට තව එකක් තියෙනව කියන්න...
චන්ද්‍රිකා කුමාරතුංගගේ නැගීම තිබූ අවදියෙ චන්ද්‍රිකා ප්රමුඛ බලවත් වෙමින් පැවති පොදු පෙරමුණු සංකල්පයේ මන්ත්‍රීන් පිරිසක් එකතු වෙලා තමයි ඔය "සූරිය කන්ද" ඇද්දෙ... යූ.එන්.පී ආණ්ඩුව ඒක වහන්න හෙන ගේමක් දුන්නා.. ඒ සත්තුන්ගෙ ඇට කිව්වා... එලුවන්ගෙ ඇට කිව්වා.. එස්.බී අන්කල් ප්රමුඛ ශ්‍රිලනිප මන්ත්‍රීන් පිරිසකට ගිහින් සූරිය කන්දෙ මුර කරන්නත් සිද්ද වුනා යූ.එන්.පී ආණ්ඩුව ඇටකටු ටිකට ගේම දෙයි කියලා..
ඔය කාලේ අපේ ප්‍රවීණ කළා කාරයො ටිකක් එකතු වෙලා "සූරිය කන්ද" ගැන කැසට් එකක් ගැහුවා.. කැසට් එක ගින්දර වගේ ගියා... "සූරිය කන්ද ගම.. විමලාවතී නම.. පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ.. ආගිය අතක් නෑ මගේ කොලු පැටියා" කියලා සින්දුවක් තමයි ටයිට්ල් සෝන්ග් එක....නීලා වික්‍රමසිංහ ඇන්ටිද කොහෙද සින්දුව කිව්වෙ.. එඩ්වඩ් ජයකොඩි අන්කල් "මාර සෙනග වියරු ලෙසින් වනසන සඳ රට - පාර දෙපස දර සෑ වල සිරුරු දැවෙන විට " කියලා කතරගම දෙයියාට බනිනවා... කපුගේ අන්කල්ද කොහෙද කියනවා "මාවත් අරන් පල මළ සොහොනට යකුනේ" කියලා..රෝහණ බැද්දගේ අන්කල් කියනවා "ඒ දවස් වල මේ ගඟේ පාවෙච්ච මිනී කාලා කාලා ඇතිවෙලාද කොහෙද මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා" කියලා... ඒකෙ වචන ඇහෙනකොට බඩවැල් කූල් වෙනවා.. රෝහණ වීරසිංහ අන්කල්ගෙ අතිශය භාවාත්මක, මාරම මෙව්වාත්මක සංගීතය "ටිරි ටිරි ටිගි ටිස්... ටිරි ටිරි ටිගි ටිස්" කියලා බැක්ග්‍රවුන්ඩ් එකෙන් දෙනකොට නිකම් බඩේ ඉන්න දරුවොත් කෙළින් වෙලා අඬනවා.. ඒත් තරම් භීභස්ය රසයක් දෙන මාරම මියුසික් ඒකෙ..
කැසට් එක ගහලා සති දෙක තුනකින් ඒකට සින්දු කියපු උන් සහ කැසට් එක කරවපු උන් ඇඬුවා "දැන් අපිට මාරම තර්ජන" කියලා.. පොඩ්ඩක් ඒකත් එහෙම තිබ්බැයිකෝ.. දිවයින වගේ පත්තර වල ඒක තඩි අකුරෙන් ෆුල්බෝඩ් ගැහුවේ... බලා සිටීමට චමත්කාරයි.. ලොමු ඩැහැගන්වන සුලුයි... යුක්තිය උදෙසා අපේ ප්‍රවීණ කළාකරුවෝ නැගිටියි.. අම්මගෙ රෙද්ද වෙයි... රෙද්දේ රෙවෙයි... අරකයි.. මේකයි... හුකයි..
කැසට් එක ගහල ටික කළකින් චන්ද්‍රිකා බලයට ආවා.. සූරිය කන්දේ කැණීම් සහ ඒ ආශ්රිත නඩුව එකසිය ගාණට ගින්දර වගේ රට පුරා යන්න ගත්තා... "සූරිය කන්දේ අඳෝනාව, සූරිය කන්දේ අරක, සූරිය කන්දේ මේක, සූරිය කන්දේ හබරල ගාල" වගේ ලිපි දාස් ගාණක් පත්තර වල ඵල වෙන්න ගත්තා... කවි, ගී, සීපද එමට.. ඇඬුවා හොඳේ මගේ සම්ම ජාතියකට දැකලා නෑ එහෙම හොටු පෙරිල්ලක්.. "සූරිය කන්දේ නිදන මුව පොව්වන් පස් අතරින් අත් එවා අපට දෙන පණිවිඩය කුමක්ද?" වගේ ඇඬෙන ලොරි ටෝක්ස් ගියා හාසිරි ගාණට..
චන්ද්‍රිකා ඇන්ටි කලේ සැබවින්ම පෞද්ගලික පළිගැනීමකට මරා දැමුණු ඒ අහිංසක පාසැල් දරුවන්ට විමුක්තිය ඉටු කරන මෙහෙයුමක් නෙමෙයි.. එයාට ඒක විකුණගෙන බලයට එන්න සහ බලය තහවුරු කරගන්න මිසක් වෙන උවමනාවක් තිබුනෙ නෑ.. ප්‍රේමවතී මනම්පේරි මරා දාපු එක වෙනුවෙන් ප්‍රේමදාස අඬපු ඇඬිල්ලම තමයි චන්ද්‍රිකා ඇන්ටිත් ඇඬුවේ... අන්තිමට නඩුවක් අහලා, කවුදෝ මන්දා හිරේ දාලා, 89-91 භීෂණයේ සමස්ථ කතිකාවතම යට ගැහුවා.. ආයෙ පොඩ්ඩක් හරි වළ හෑරුවේ ඡන්දයක් ලං වුනොත් විතරයි... කවුද මන්දා කවියෙක් ලියලා තිබ්බා "ප්‍රේමදාස ඉදිරිපත් වන හැම ඡන්දයකටම ප්‍රේමවතීට වලෙන් නැගිටලා හෙලුවෙන් ඇවිත් ස්ටේජ් එකට නගින්න වුනා" කියලා.. අන්න එහෙම දෙයක් තමයි සූරිය කන්දෙ සීන් එකටත්, එයටත් වඩා මේ රට පුරා මරා දැමුණු අයටත් උනේ...
සූරිය කන්දේ සීන් එකේදි මරා දැමිච්ච අහිංසකයන්ගෙ දෙමාපියන්ට හිතේ මතුවෙච්ච තරහ යවලා ඒ මිනිස්සුන්ව "ෂේප් "කරගන්න කෝට්ටේ අහිංසකයන්ගෙ ආරාමයද මොකක්ද කිම්බක් හැදුවා.. වහළ ගැලවිච්ච කූඩාරමක් වගේ එකක්... හදලා අර දෙමාපියන්ව ඕකට ගෙන්න ගෙන ටී.වී එකේ සජීවි විකාශයක් දීලා ඒ මිනිස්සුන්ට කියලා ලෑල්ලක් උඩ මැටි ගුලි ගැස්සෙව්වා.. තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරලා මෛත්‍රී වඩන්න උදව් වෙන්න කියලා තමයි ඔය වැඩේ කෙරෙව්වෙ.. ඒ දෙමාපියොත් තක්කු මුක්කු වෙලා වගේ ඒ මෙලෝ තේරුමක් නැති ගොබ්බ වැඩේට සහභාගී උනා....ඒ උනාට ඒක කරවපු පූදලයන්ට අනුව නම් ඒක මාර ලොකූ එකක්.. ඒකෙන් තමයි මේ ලෝකයේ යුක්තිය පිළිබඳව ගිනි සිලුව දැල්වුනේ කිව්වා... ඒකෙ මිනී ඔලු තිස් එකක් වගේ හදපු මොනවදෝ වගයක් තට්ටු තිස් එකක් උඩ තියලා තිබ්බා... ඇහුවාම කිව්වා ඒ තමයි මියගිය දරුවන් තිස් එක් දෙනාගේ කාටවත් වෛරයක් නොකරන, ශාන්තිමත් මූණු කියලා... ඒ වගේ සැමරුමක් වෙනුවෙන් මුලු ලෝකයේම ඉදිවෙච්ච පට්ට කළා නිර්මාණයක් කියලා තමයි ඒ දවස් වල ඒකට කිව්වෙ... අන්තිමට දෙමව්පියෝ දයානන්ද ගලප්පත්තිට, උගේ ආමි එකේ පුතාට, යූ.එන්.පී ආණ්ඩුවට, උන්ගෙ දරුවන්ගෙ කටු ටිකත් විකුණන් කාපු පොදු පෙරමුණු ආන්ඩුවට මෛත්‍රී කර කර, වෛරයෙන් නිදහස් වී, සතර සෘධිපාද වඩලා එර්දි බලෙන් ගෙවල් වල ගියා....
ඔය අස්සෙ සිළුමිණ පත්තරේ අපූරු ඇඩ් එකක් දැක්කා.. ඒක දැකලා පුකවල් හිනා වෙන්න පටන් අරන් කීප දෙනෙක් රෝහල් ගත කලා.. ඇඩ් එකේ තිබ්බෙ මෙහෙම "සූරිය කන්ද කැසට් පටය විකිණී අවසන් ... ඉතිරිව ඇත්තේ තව සීමිත සංඛ්‍යාවක් පමණයි.. ඔබේ කැසට් පටිය අදම මිළට ගන්න... " කියලා.. ඊට පස්සෙ ඒ කැසට් එක කැසට් සීරීස් එකක් උනා.. සූරිය කන්ද 2 සහ 3 ත් ආවාද කොහෙදැයි... ආපු තරමටම ලෙසටම විකිණුනා.. අන්කල්ලට, ඇන්ටිලට, හොඳ පල්ලම.. පස්සෙ කොන්සර්ට් එකක් කරලා ජාතික රූපවාහිනියෙත් පෙන්නුවා ඒක...
ටික දවසක් මුන්ගේ ඥාරු අඳෝනාවල් එක්ක ඔය කැසට් ලබ්බ අහනකොට මිනිස්සුන්ට ඒක තිත්ත උනා.. සූරිය කන්ද නෙමෙයි, මුලු මහත් භීෂණයම අමතක වෙන්න ගත්තා.. ප්‍රයිවට් බස් වල කොන්දොස්තරලා ඔය පීස් එක දාගෙන එනකොටම මගියො "අනේ ඕක එපා, වෙන එකක් දාන්න" කියන්න පටන් ගත්තා.... සූරිය කන්දෙ ෆොටෝස් එහෙමත් පත්තරවල යන වාර ගණන අඩුවෙන්න ගත්තා.. මැරිච්ච උන්ගෙ දෙමාපියොත් උදේට පිළිකන්නට ඉඳුල් වතුර එක විසි කරලා, ඉතිරි වෙලා ඉන්න දරුවන්ට කන්න උයලා දෙන්න, උන්ව ඉස්කෝලෙ යවන්න පටන් ගත්තා..
අහිංසකයන්ගේ ආරාමය කියලා හදපු බක්ක කොයි කාටත් අමතක වෙලා ගියා.. ඒක වැස්සට තෙමිලා, අව්වට වේලිලා, හෙණ ගැහිච්ච පලස්තීන කූඩාරමක් වගේ මූසල මුස්පේන්තු පෙනුමක් ගත්තා... ඒකෙ වැල් ඇද්දා.. මුල් ඇද්දා.. ඕක විවෘත කරපු දවස් වල ඕකෙ මිදුලෙ "සදාතනිකව නොනිමෙන ගිනි සිලුවක් " පත්තු කරන්න ඕනෑය, ඒක "මානව ප්‍රේමයේ සදාතනික සිහිවටනයක්ය" වගේ අම්බ ටෝක්ස් දීපු කළා පරයෝ එකෙක්වත් අන්තිමට යන එන ගමන් හුජ්ජ කරන්නවත් ඒකට ගියේ නෑ... අන්තිමට උතුරේ එවුන්ටත් ඒ ෂබ්බුවම දීලා ඇවිල්ලා පටන් ගත්තු මහා සංවර්ධනේට හරස් වෙනවය කියලා කඩල දැම්මා.. මොන බල්ලෙක්වත් "මීක්" සද්දයක් කරේ නෑ...
අනේ තොපේ විමුක්තිකාමී, මානව හිතවාදී කලා පුක... !.. පුලුවන් නම් "නන්දිකඩාල්" කියලත් කැසට් පීස් එකක් ගහල විකුණ ගනියව්... !
me mama london wala ina kenek . jeewath wenne london wala den awurudu 12 k witara. habai mehe awe saranagathayek widiyata neme awe niyama sinhala kollek widiyata studies walata . den mehetama sinna wela . eth lankawata yanawa awuruddata serayak witarara kattiya bala kiyala enna. me para ena gaman mam lankawe mage jeewitetama adarare karapu asa karapu gayakayekui gayikawakui hitiya air port eke wena ratakata yanna show ekakkata. e denna tamai victor ratnayakai nanda malani . mam e dennata asa hindama tikak hina una .victor uncle nam ahinsaka widiyata hina wela ethana hitiya anik aya ekkath hina una. eya nam harima sarala kenek kila mata hithuna. eth ekata nanda malinma maha lokuwata duppath peeditha janathawage kalakariya......muhune kisima hinawak ne...eyage ekka apu ayath ekka maha uddachcha kamen wage wena pita kisima kenek ekka hinawak wath wenne nethuwa...hariyata danapathi panthiye celebrity kenek wage hitiye. mata mam genama lejja hithuna ..88../ 89 me wage kenekta ne adare kale kila anga kili pola yana sindu ahala. .. me article eke kiwwa wage me aya maha kapati ...bora diye maalu bana aya. me aya den eka eka ekkenata kade gihin tamange madiya thara kara ganna aya . lejjai.....chik witarak.....
ReplyDeleteකලාකාරයෝ කියන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට හැඟීම් තියෙනවා. කල්පනාවන් තියෙනවා. අත්දැකීම් තියෙනවා. හැම වෙලාවේම රසිකයොත් එක්ක හිනා වේවි ඉන්න අවශ්‍යයි කියලද ඔබ කියන්නේ? ඒ දැන් ඉන්න super stars ල. ඒ ගොල්ලෝ රසිකයන්ගේ sms වලින් ජීවත් වෙන්නේ. එක නිසා එහෙම කරන්න ඒ ගොල්ලන්ට train කරලා තියෙන්නේ. ඔබත් එක්ක කෙනෙක් සිනහ නොවුණු පලියට ඔබට ඒ කෙනාව එපා වෙනවනම් ඔබ ඔබේ ගැනම මදක් කල්පනා කරලා බලන්න.
Deleteඑතකොට අපේම කියලා ආඩම්බරයෙන් කියන්ට පුළුවන් සංගීත කලාකරුවෙක් අපේ රටේ නැද්ද?
ReplyDeleteමේක නම් සිරා ම ආටිකල් එකක් . මම 100% එකඟ යි . මමත් මේ ලිපියට සමාන ආකාරයටම මේ අය ගැන හිතුවා . නමුත් මේ තරම් හොඳට ඒක ගැන ලියන්න තරම් හැකියාවක් ඇත්තේ නැහැ . නමුත් අමරදේව යන් ගැන අදහසට එකඟ වෙන්න අමාරුයි . මේ ලියුම මගේ සමකාලිනකයන් සමග share කරන්න ඕනෙ එකක් කියල මම හිතනවා . .................ස්තූතියි .
ReplyDeleteකේතකයගේ ළිපි මෙහෙම දාන එකාට අමා මහ නිවන් සුව අත් වෙනවා. ආයේ දෙකක් නෑ. ඕකට බ්ලොග් වලට එන්න කිව්වට එන්නෙම නෑ නේ. හැබයි විනාඩියෙන් විනාඩියෙ ෆේස් බුක් එක නම් අප්ඩේට් වෙනවා. ඕවා බලන්න කාටෙයි වෙලාව තියෙන්නේ.
ReplyDeleteකෙතක මතු කරන දේශපාලන උපහාසය සමග එකගය ඒ ගැන ගැටළුවක් නැත නමුත් ලහිරු කියන ටැලන්ට් ගැන කතාව එතරම් යුක්ති සහගත නැත. ලහිරු කියා ඇත්තේ මෙවන්නකි බලන්න අපේ අඹ දඹ නාරං කෙසෙල් දෙල් වලට වඩා පිටරට රතු ඇපල් කොච්චර ඉස්තරම් ද වැනි දෙයකි. හැබයි ඔහුට නොතේරෙන දෙය නම් ඇපල් දොඩම් සංසන්දනය කිරීමට නොහැකි බවයි. අනික මයිකල් ජැක්සන් වැනි ඇපල් ගෙඩියක් හා සැසඳීමේ දී සනුක වික්‍රමසිංහ යනුද පෙයාර්ස් ගෙඩියක් පමණක් නොවන්නේ කෙසේද?
ReplyDeletehahh haaah... siraa kathaawa..
Deleteමුන් දන්නේ නෑ නන්දා මාලනි වගේ අයට මේ රටේ මිනිස්සු තාම කොච්චර ආදරේද කියලා. මෙලෝ තෙරුමක් නැති විකාර සින්දු කියලා රින්ග්ටෝන් වලින් සල්ලි හම්බකරගත්තා කියලා මුන් ඉන්නේ හෙන පොරවල් වගේ. උමාරියා ගේ voice එක ලස්සනයි, සමහර සින්දුත් ලස්සනයි, ඒත් කවදාවත් මේයලට නන්දා මාලනි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඇයි මේ ගොබ්බයා කියලා තිබුනේ අමරදේව මහත්තයටත් වඩා දක්ෂ එක්කෙනෙක් ගැන. අමරදේව වගේ අයත් එක්ක බැලුවම මුන් කවුද?
ReplyDeleteලහිරු ඔහුව මතකෙන් ඈත්වෙන එක වළක්වන්න හොඳ සංසිද්ධියක් ඇති කරලා තියෙනවා.ඒක ඔහුගේ උපක්‍රමයක්.නමුත් ඔහු මේ සනුක කියන කෙනාව උඩ දාද්දි අමතක කරන දෙයක් තමයි ඉදිරියේදී තවත් සනුක ලා බිහිවෙන්න පුළුවන් සහ එතකොට ඒ සනුකට වෙන්නෙත් ලහිරුට වෙලා තියෙන දේම කියලා.ඔතන ලහිරු කරලා තියෙන්නේ මෙච්චර කාලයක් එළිපිට අභියෝග නොකරපු මහා ප්රතිරූප කියලා සලකපු රූප දෙකකට හූ කියන එක.ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි තමන්ගේ මංගල ඡායාරූපය ඇද ගන්නේ ඔතනට.මේක හරියට කැලේ මහළු කුළු මීමෙකුට නරියෙක් හූ කියලා බැරි වෙලා හරි හරක් රංචුවෙන් තමන්ට ගේමක් දෙයි කියලා පස්ස බල බල සිංහයෙක් ගාවට දුවනවා, අපි සිංහයගේ වටේ ඉන්නේ කියලා වගේ.
ReplyDeleteඕක තමයි යතාර්ථය...
ReplyDeleteමේ කියන සනුකත් ළහිරු පෙරේරා තරමේ ම වැඩ්ඩෙක්. අඩුත් නෑ වැඩිත් නෑ. මං හිතන්නේ මූ උ්ව උස්සන්නේත් සල්ලිවලට.
ReplyDelete/* ඉන් පසුව එළඹියේ උතුරේ පීඩිතයන්ගේ නැගිටීම වෙනුවෙන් අඬන සමයයි.. ඒකත් ඇන්ටි සහ අන්කල් ගජරාමෙට අළෙවි කරගත්හ... චන්ද්‍රිකා නැන්දා සාමය ගෙනවිත් මංගල සමරවීර අන්කල් සහ ඩිලාන් අන්කල් සාම තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය.. */
ReplyDeleteමෙන්න මේ පසු අවධි දෙකේ දී කියපු සින්දු සඳහා උදාහරණ මොනවාද?
මං හිතන්නේ 1999/200 දී විතර මන්දා නාලනී කිව්වා "නිලම්බරේ සුදු පරවී රැන් යන දිනක් උදා වේවා!" කියලා සින්දුවක්. ඒකට නම් මං තාමත් කැමතියි.
තාම උමාරියා කියන ගායිකාව ඉන්නේ රැන ගිරව් ජෝඩුවයි කාලේ නේ, එයාටත් දෙන්න දශක දෙකතුනක් කරණම් හගලා වැඩ පෙන්නයි මන්දා නාලනී වගේ!
ReplyDeleteඅද එන කිසිම ගායකයෙක්වත් ගායිකාවත්වත් දශක දෙකක් එක දිගට ක්ෂේත්‍රෙය් ඉද්දේ නෑ කියල මට 100%ක් විශ්වාසයි. උමාරියා ගැන ඕන නම් තව අවුරුදු දෙකක් කතා කරයි. සනුක් ගැනත් එහෙමයි. ළහිරු ගැනත් එහෙමයි.
Deleteඅද එන කිසිම ගායකයෙක්වත් ගායිකාවත්වත් දශක දෙකක් එක දිගට ක්ෂේත්‍රෙය් ඉද්දේ නෑ කියල මට 100%ක් විශ්වාසයි. උමාරියා ගැන ඕන නම් තව අවුරුදු දෙකක් කතා කරයි. සනුක් ගැනත් එහෙමයි. ළහිරු ගැනත් එහෙමයි.
ReplyDeleteකොහොමත් සංගීතයේ විවිධ මාවත් තියෙනවනේ.තමන්ගේ මාවත තෝරාගන්න ඕන තමන්ගේ හැකියාව සහ කැමැත්ත අනුවයි.ඒත් එහෙමයි කියලා වෙන මාවතක යන කෙනෙක්ව හෑල්ලු කරලා මමයි මගේ රැලයි තමා වැඩ්ඩෝ කියන එක හරිම බුන්වත් ප්‍රකාශයක්!ළහිරුගේ කතාව ගැනත් කියන්න තියෙන්නේ ඒකයි.තමන් මාකට් වෙන්නේ නැතිවුනාම නම් වෙනස්කරන් කොණ්ඩ හදන් යන රැල්ලට ගහන් යන ලහිරු වගේ කෙනෙක්ට එක හරවත් වචන පෙළියක් තියෙන සිංදුවක් තියෙනවද ඇත්තටම?දේශපාලනය පැත්තකින් තිබ්බොත් මොහොතකට නන්දා මාලනීලට අමරදේවලාට රසවත් ගීත ගයන්න වාසනාවක් සහ හැකියාවක් තිබිලා තියෙනවා.
ReplyDeleteමම ඇනෝ කෙනෙක්.ඇනෝ කියල ප්‍රොෆයිල් එකක් තියෙන්නෙ එහෙම කමෙන්ට් කරන අයට ඉඩ සැලසීමට.ඒ නිසා ඒක ගැටලුවක් කර ගන්න එපා.දැන් මට අහන්න තියන ප්රශ්නය මේකයි.හැම දෙයක්ම නිර්දය ලෙස විවේචනය කරන ඔයාගෙ දර්ශනය මොකක්ද?ඔයාට අනුව හරි මොකක්ද?කවුද?හැම දෙයක්ම සාපේක්ශ මේ ලෝකයේ ඔයා ගෙ දර්ශනය/විශ්වාශය නිරපේක්ශ වූ,විශිෂ්ඨ වූ,අසම සම එකක්ද?මේ විවේචනයට අහුනොවුන කෙනෙක් ඉන්නවාද?ඔයාගෙ නිර්දය,සාහසික විවේචනය එල්ල කරගෙන යන ගමන්, ඔයාගෙ දෘෂ්ටියට අනුව හරි කුමක්ද යන්නත් හෙලි පෙහෙලි විය යුතුයි.ඔයා සර්ව සම්පූර්ණ කෙනෙක්ද? ප්‍රායෝගික ජීවිතය තුල ඔයා ක්‍රියා කරන්නෙ ආදර්ශමත් ලෙසද?විවේචනය හරිම ලෙහෙසියි.එහෙත් ආදර්ශමත් ලෙස ජීවත් වීම අමාරු දෙයක්.බොහෝ, සමාජීය වශයෙන් බක පණ්ඩිතයින් ප්‍රායොගිකව හැසිරෙන්නේ ,දුහුනු ජනයා හැසිරෙනවාටත් අන්තවයි.බ්ලොග් එකක් තුල අකුරු හරස් කරමින් අපට බඩ පිනුම්,හිටි පිනුම්,ගහන්නට පුලුවන් තමයි.ලංකාව කියන්නෙ පොඩි දූපතක්.අපි එකිනෙකා එතරම් දුර නැහැ.බ්ලොග් එකක් තුල දෙවියෙක් වාගෙ වෙනවා වාගෙම සැබෑ ජීවිතයෙන්ද ආදර්ශය දීම වටී.
ReplyDeleteමම ඇනෝ කෙනෙක්.ඇනෝ කියල ප්‍රොෆයිල් එකක් තියෙන්නෙ එහෙම කමෙන්ට් කරන අයට ඉඩ සැලසීමට.ඒ නිසා ඒක ගැටලුවක් කර ගන්න එපා.දැන් මට අහන්න තියන ප්රශ්නය මේකයි.හැම දෙයක්ම නිර්දය ලෙස විවේචනය කරන ඔයාගෙ දර්ශනය මොකක්ද?ඔයාට අනුව හරි මොකක්ද?කවුද?හැම දෙයක්ම සාපේක්ශ මේ ලෝකයේ ඔයා ගෙ දර්ශනය/විශ්වාශය නිරපේක්ශ වූ,විශිෂ්ඨ වූ,අසම සම එකක්ද?මේ විවේචනයට අහුනොවුන කෙනෙක් ඉන්නවාද?ඔයාගෙ නිර්දය,සාහසික විවේචනය එල්ල කරගෙන යන ගමන්, ඔයාගෙ දෘෂ්ටියට අනුව හරි කුමක්ද යන්නත් හෙලි පෙහෙලි විය යුතුයි.ඔයා සර්ව සම්පූර්ණ කෙනෙක්ද? ප්‍රායෝගික ජීවිතය තුල ඔයා ක්‍රියා කරන්නෙ ආදර්ශමත් ලෙසද?විවේචනය හරිම ලෙහෙසියි.එහෙත් ආදර්ශමත් ලෙස ජීවත් වීම අමාරු දෙයක්.බොහෝ, සමාජීය වශයෙන් බක පණ්ඩිතයින් ප්‍රායොගිකව හැසිරෙන්නේ ,දුහුනු ජනයා හැසිරෙනවාටත් අන්තවයි.බ්ලොග් එකක් තුල අකුරු හරස් කරමින් අපට බඩ පිනුම්,හිටි පිනුම්,ගහන්නට පුලුවන් තමයි.ලංකාව කියන්නෙ පොඩි දූපතක්.අපි එකිනෙකා එතරම් දුර නැහැ.බ්ලොග් එකක් තුල දෙවියෙක් වාගෙ වෙනවා වාගෙම සැබෑ ජීවිතයෙන්ද ආදර්ශය දීම වටී.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete