Sunday, May 11, 2014

ධනවාදය


උඩින්ම තියෙන්නෙ ධනවාදය.. එය ක්‍රමයක් ලෙස ඉහළින්ම තබා ආරක්ෂා කරනවා ... 

දෙවනි තට්ටුවෙ ඉන්නෙ පාලක පන්තිය.. "අපි ඔබව පාලනය කරන්නෙමු"... 

තුන්වෙනි තට්ටුවෙ ඉන්නෙ පූජ්ය පක්ෂය ... "අපි ඔබව ගොනාට අන්දන්නෙමු" ... 

සිවුවැනි තට්ටුවේ ඉන්නෙ හමුදාව සහ පොලිසිය ... " අපි ඔබට වෙඩි තබන්නෙමු" .. ( මෙතන පොඩි සීන් එකක් තියෙනවා.. මේ තට්ටුවට සැබවින්ම අයිති වෙන්නෙ හමුදාවල ඉහල තනතුරු දරන ආමි කාරයො සහ පොලිස් කාරයො විතරයි... නිර්ධන පන්තියට අයත්ව සිටින විශාල පිරිසක් දේශ ප්‍රේමය නම් මායාවෙන් දෑස් බැඳ තාවකාළිකව මේ තට්ටුවෙ ඉන්නවා වගේ හැඟීමක් දීලා තියෙනවා.. ) 

ඊළඟට ඉන්නවා සල්ලි කාරයො ටික ... "අපි ඔබ වෙනුවෙන් කන්නෙමු.... "චියර්ස්".. ෂැම්පේන්, හැම් බේකන්..." 

යටින්ම ඉන්නවා අපි.. උඩින් ඉන්න මූසලයන්ට කඹුරන, උන් හැමෝටම පාතරාසය සපයන... 

මේක සරල සැකැස්මක් විතරයි.. මේ එක් එක් තට්ටුවල බලය එකිනෙක අබිබවා යන රටවල් තියෙනවා.. උදාහරණයක් හැටියට ආගමික පූජකයන්ගේ බලය දේශපාලකයන්ගේ බලය අබිබවා යන රටවල් තියෙනවා... 

මේ වර්තමාන "රාජ්යය" කියන එක හැදෙන්නෙත් බොහෝ දුරට මේ විදියට තමයි.. වර්තමාන රාජ්යයන් තුල පවතින ආකෘතිය මේකයි... අපිට ප්‍රේම කරන්න කියන්නෙ, දිවි පුදා රකින්න කියන්නෙ මේ රාජ්‍යය.. මේ ක්‍රමය...

8 comments:

  1. හරිම සිම්පල් දෙයක් කරන්න තියෙන්නෙ. යටම ඉන්න කට්ටියට ඔය ඔලුවෙ තියෙන බර බය නැතිව අතෑරල පැත්තකට දුවන එක. ඒත් ඉහ්ටින් ඔය යටම ඉන්න ඈයො ඕක තේරුම් නොගන්නෙකනෙ කරුමෙ.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්.....යට ඉන්න අයට ඕක එහෙම ලේසියෙන් අතහැරලා දුවන්න බැහැ. ඊට පස්සේ ඔය ස්ට්‍රක්චර් එක ආපහු වෙනස් විදිහකට හදන්න අමාරුවෙයි කියලා මට හිතෙනවා. උඩින් තියෙන බර පොඩ්ඩ පොඩ්ඩ අඩුකරගන්න තමයි තියෙන්නේ.

      Delete
    2. උඩින් තියෙන බර කවදාවත් අඩුවෙන්නැතිවෙයි අරූ අයියෙ. දවසින් දවස ඒ බර ටිකෙන් ටික වැඩිවෙනවා. දවසක් එනවා ඒ බර දරාගන්න බැරුව ඔය උස්සන් ඉන්න මිනිස්සු චප්පවෙලා යන. අන්න එදාට ඒ මිනිස්සුත් ඉවරයි. උඩින් ඉඳපු අයත් ඉවර්යි. ඊට කලින් ඔය බර බිමින් තියන එක තමා හොඳම දේ.

      Delete
  2. යටම ඉන්න අය ඒ තට්ටුව අත ඇරියනම් ඔය ඔක්කොම බිම.. ඒත් ඒක වෙන්නේ නැති එකනේ තියෙන අවුල..

    ReplyDelete
  3. ලස්සන සරළ පැහැදිළි කිරීම... මං බොදුබල සේනාව ගැන හොය හොයා හිටපු ඇනලයිස් එක මේ.

    ReplyDelete
  4. සිම්පල් පෑලැන් එකකින් අපූරුවට පහදලා තියනවා සහෝ
    - නලින්

    ReplyDelete
  5. ෂා ඔය තියෙන්නේ නියමෙට තේරුම් කරලම..නීමයි නීමයි

    ReplyDelete