කේතකගේ සටහන්
Saturday, May 17, 2014
සසර වසන තුරු ... නිවාන් දකින තුරු..හෙළ ජාතික අභිමානේ...
හෙළ ජාතික අභිමානේ...
දැන් පිහගනියව් සරමේ...
කුළ කත සවුදියෙ නිවසේ මොර දේ..
විකිණෙව්, විකිණෙව්, විකිණෙව්...
අපි දිනුවා.. අපි දිනුවා.. අපි දිනුවා.. අද මේ මුලු රටේම ඕනම තැනක ඉඳන් ඕනම තැනකට අපිට යන්න පුලුවන් හාන්දුරුනේ.. අපිට පාරේ රේස් පදින්න පුලුහන්.. හෝටල් වල ජවුසන් නටන්න පුලුහන්.. ඕනම තැනක ඕනම දෙයක් හදන්න, කඩන්න, හාරන්න පුලුහන්.. ගෑණු තුන්සීයක් එක්ක බුදිය ගන්න පුලුහන්... සෙල්ලම් පිස්තෝල පාවිච්චි කරන්න පුලුහන්... එඩුවාන්ගල් උලෙයිවරුක්කුම් නවරාවද කරපිංචානම් පෝම්...
ඉස්සර කොටි කාලේ නොවේ දැන් මේ කාලේ..
දෙමළුන්ටත් 3-D ඇති සිනමා ලැබුණේ...
හායි...
ඔව්.. මිත්‍රවරුනි.. තමුන්නාන්සේලාටත් දැන් සෑම නිදහසක්ම උරුම කර දුන්නා.. දරුවො දෙකට නවලා ගඟට විසි කරන්න නිදහස... කන්න දෙන්න බැරි නම් උන් එක්ක ළිඳට පනින්න නිදහස.. අතුරුදහන් වෙච්ච දරුවන්ගෙ ෆොටෝ බදාගෙන අඬන්න නිදහස... තමන්ගෙ ඉඩම් වල හමුදා කඳවුරු ගහගෙන ඉන්නව බලලා හූල්ලන්න නිදහස.. වතුර ඉල්ලුවොත් වෙඩි කන්න නිදහස... අපි උඹලගෙ පංගුවත් එක්ක කනවා බලලා පින් සිතුවිලි පහළ කරගන්න නිදහස... හාමුලාගේ ඉටි කිරිස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලගෙ, කාර්වල ෆොටෝ බල බල අතේ ගහන නිදහස... රක්ෂිත වනාන්තර වල තමන්ගෙ ජාතියෙ එවුන්ව ගෙනිහින් අනවසරයෙන් පදිංචි කරන නිදහස... පන්සල්, පල්ලි, කඩ සාප්පු කඩන නිදහස... පිරිහෙන පාලනය රැකගන්න අපි ළඟදිම තව ජාතිවාදී ගැටුමක් ඇති කර ගත්තාම ඒ යුද්දෙටත් ගිහින් අත පය නැති කර ගන්න නිදහස... අධ්‍යාපනේ වෙනුවෙන් මහ පාරේ අයිනෙ දූවිලි පෙරාගෙන මාස ගණන් වැතිරිලා ඉන්න නිදහස... දුප්පතා දැක්කාම බුරන පොලිස් ගෙරියන්ගෙන් හක්ක පනින්න කාලා කූඩුවේ පොලු ගණින නිදහස... පාර වැරදිච්ච කාවයියෙක් වත් නො-එන වරාය, එයාපෝට් අපේ නමින් විවෘත වෙනවා බලලා සාදුකාර දෙන නිදහස... කීයක් හරි එකතු කරගෙන යාපනේ, ත්‍රිකුණාමලේ එහෙම ගිහිල්ලා සිවිල් වැසියන්ගෙ බෙල්ල මුල්ලෙ වයික්කාලෙ ඒ අතට මේ අතට ඉඳගෙන ෆොටෝ ගහන නිදහස.. රස්සාවක් ඉල්ලගෙන ආවාම අපේ මැදැඟිල්ල බලන්න ලැබෙන නිදහස....
එහෙනන්, එහෙනන්.. ආයෙ වෙන කවුදෑ තොපිට මේ වගේ උස් නිදහසක් උරුම කරලා දුන්නෙ.. නයි.ටී.එන් එකේ ගයාන් උන්නැහේ වෙත දැන් අපි යොමු වෙමු...
"ඔව් හිතවතුනි දසක ගාණක් තිස්සෙ අප රට වෙලාගෙන පැවති යුද්දය නිමා වි මේ අහසේ සුදු පරවියන් තාමත් පිහාඹිනවා.. ඊට යටින් අලි පැටවු ගල්ටික් වෙනවා.. ( කට්, කට් )... අද මේ රැස්ව සිටින ජනතාවගේ සතුටු මුහුනු, පෝෂණයෙන් පුෂ්ඨිමත් ශරීර ( අව්වට කරවෙච්ච හෙණ ගහපු පොල් ගස් වගේ ඇදිලා ගිය මූණු ටිකක් පෙන්නයි ) කියාපාන්නෙ එතුමා අපේ අරකය, මේකය, අනිත් එකය, අහවල් එකය කියා නොවේද...?..
"ඩිං ටිකි ඩිං ටිකි ඩිස්... පප් පප් පා පැප පා.. පැප පා.. පැප පා... පෑ පප පාප ප පා... "
"ඔව් දැන් මේ ඔබ ඉදිරියෙන් ගමන් ගන්නේ එක්දාස් නමසිය බර ගණන් වල චෙකොස්ලෝවැකියාවෙන් ඉවත දැමූ අහවල් රථයයි... මෙහි හය දෙනෙකුට ගමන් පාසු කම් සපයනවා.. "
සසර වසන තුරු ... නිවාන් දකින තුරු.... ( හිටගෙන )
Sunday, May 11, 2014
ධනවාදය
උඩින්ම තියෙන්නෙ ධනවාදය.. එය ක්‍රමයක් ලෙස ඉහළින්ම තබා ආරක්ෂා කරනවා ...
දෙවනි තට්ටුවෙ ඉන්නෙ පාලක පන්තිය.. "අපි ඔබව පාලනය කරන්නෙමු"...
තුන්වෙනි තට්ටුවෙ ඉන්නෙ පූජ්ය පක්ෂය ... "අපි ඔබව ගොනාට අන්දන්නෙමු" ...
සිවුවැනි තට්ටුවේ ඉන්නෙ හමුදාව සහ පොලිසිය ... " අපි ඔබට වෙඩි තබන්නෙමු" .. ( මෙතන පොඩි සීන් එකක් තියෙනවා.. මේ තට්ටුවට සැබවින්ම අයිති වෙන්නෙ හමුදාවල ඉහල තනතුරු දරන ආමි කාරයො සහ පොලිස් කාරයො විතරයි... නිර්ධන පන්තියට අයත්ව සිටින විශාල පිරිසක් දේශ ප්‍රේමය නම් මායාවෙන් දෑස් බැඳ තාවකාළිකව මේ තට්ටුවෙ ඉන්නවා වගේ හැඟීමක් දීලා තියෙනවා.. )
ඊළඟට ඉන්නවා සල්ලි කාරයො ටික ... "අපි ඔබ වෙනුවෙන් කන්නෙමු.... "චියර්ස්".. ෂැම්පේන්, හැම් බේකන්..."
යටින්ම ඉන්නවා අපි.. උඩින් ඉන්න මූසලයන්ට කඹුරන, උන් හැමෝටම පාතරාසය සපයන...
මේක සරල සැකැස්මක් විතරයි.. මේ එක් එක් තට්ටුවල බලය එකිනෙක අබිබවා යන රටවල් තියෙනවා.. උදාහරණයක් හැටියට ආගමික පූජකයන්ගේ බලය දේශපාලකයන්ගේ බලය අබිබවා යන රටවල් තියෙනවා...
මේ වර්තමාන "රාජ්යය" කියන එක හැදෙන්නෙත් බොහෝ දුරට මේ විදියට තමයි.. වර්තමාන රාජ්යයන් තුල පවතින ආකෘතිය මේකයි... අපිට ප්‍රේම කරන්න කියන්නෙ, දිවි පුදා රකින්න කියන්නෙ මේ රාජ්‍යය.. මේ ක්‍රමය...
Thursday, May 8, 2014
හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..
අවශ්‍ය දෑ :
ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...
නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...
මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...
ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...
කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් බමුණෙක්...

සාදා ගන්නා ආකාරය:
මුලින්ම ගීත රචකයා කියන එකා ලවා මූසල ප්‍රේම අඬෝ ඇඬියාවක් ලියා ගන්න.. මේ සඳහ අවශ්‍ය පොදු වචන වට්ටෝරුව පහත දැක්වේ...
" ඔයා , මම, සිත, ඔබ, ළඟ, නෙතු, කඳුළු, පාරවා, ගියා, රෑ, වෙරළේ, තනි වූ මොහොතේ, දුරින්, බලන්න, ඇයි?, මොකද, ඉන්න, දෙනවද, බැරිද, පුලුවන්ද, හැරදා, ගියා " වගේ පොදු වචන වට්ටෝරුවකි... වැඩිය හිතන්නෙ නැතුව ඒකෙන් වචන ටිකක් ගත්තාම හරිය..
ඉහත වට්ටෝරුවෙන් වචන යොදාගෙන, ඒවාට තවත් සරල වචන එකතු කර " ඔයා ගිය දා ඉඳන් මට රෙවෙන්නෙ නෑ.. දුරින් ඉන්න බෑ හත් ඉලව්වෙ... කහනවා..... මගෙ පපුව දනවා.. ඇසුත් අඬනවා... ඉස හැරුණු අතේ යනවා... ඔයා දන්නෙ නෑ මගේ පුකත් ගිනි අරන්... හද වැළපෙන හඬ ඔයාට ඇහෙනවද මගේ උම්මියේ.... ඔයා වගේ වේසියෙක්ට මම වගේ පොන්නයෙක් හද පිදූ එදා මතකද?... ඇහෙන මානෙක ඉන්නව නම් ඉන්න තැනකින් ඇවිත් මාව බේරගනින් බං.... ඔයා ගියදා ඉඳන් මගේ හතර කේන්දරේ පාලුයි... හුජ්ජ යන්නෙ නෑ මට නම්.....කකුල් රිදෙනවා... බඩ පපුව දැවිල්ලයි ඔයා සිහිවෙලා.... ඇයි මට මෙහෙම කලේ මගේ අම්මෝ, ඉන්න බැරියෝ... යන්නෙ නෑ කිව්වට උඹ ගියා නේද පරට්ටියේ.. ?" වගේ කාළකණ්ණි තේරුම් තියෙන සින්දු පඩංගු ටිකක් ලියවා ගත්තාම ටොප්ය...
මියුසික් වීඩියෝව හැදීමට පෙර මීට කළින් හිට් වෙච්ච වීඩියෝ කිහිපයක් බලා සිටීම මැනවි.... ගායක ලොල්ලා මූදු වෙරළක හෝ කඳු ගැටයක මුදුනේ ඉඳන් අත් දෙක පඹයෙක් වගේ දෙපැත්තට දික් කර කර අර ලියා දුන් පොන්න අඳෝනාව තොල් මැතිරිය යුතු අතර කැමරාව උගේ වටේ පියාඹන කෝඳුරුවෙකු සේ වරෙක ලං කරමින්, වරෙක ඈත් කරමින්, වරෙක ඌට උඩින් සහ වරෙක යටින් ඌව පෙන්නිය යුතුය... මූදු වෙරළක නම් වෙරළේ රළ ගෙඩි බිඳී, පෙණ වලින් ගායක ලොල්ලා නෑවී යන අයුරු හෝ ගායක ලොල්ලා අත් දෙපැත්තට විහිදාගෙන පිහාඹින්න හදන අයුරු පෙන්නිය යුතුය...
දැන් ඔන්න ඉතින් කථාව... කෙල්ල හැමවිටම එක්කෝ ඉස්කෝලෙ කෙල්ලකි.. නැත්තන් ටියුෂන් යනවාය... ටියුෂන් යනවා නම් ඉඳගත්තොත් ජංගිය එලියේ සයිස් කොට සාය කෑල්ලක් ඇන්දවිය යුතුය... ඉස්කෝලෙ යනවා නම් ඇඟට තෙල් ගාලා අන්දවන්න ඕන හිර යුනිපෝම් ගවුමක් ඇන්දවිය යුතුය... ඉන්නෙ බස් හෝල්ට් එකකය.. මුස්පේන්තු නලු බට්ටා ඔතනට යාලුවෝ සමග එන්නේය... ඌ කෙල්ලට ලයින් දානවා.. ඊට පස්සෙ දෙන්නා එකට ගල් බංකු උඩ, මූදු වෙරළවල, වැටකෙයියා පඳුරු යට ඉන්නවා පෙන්නන්න ඕනය.. අතරින් පතර කෙල්ලගේ කඳුළක් කම්මුල දිගේ රූටා ඇවිත් කොල්ලගේ අතට වැටෙන සීන් දෙකක් විතර තිබ්බොත් මරුය... එතනින් කෝච්චිය යනවාය... මූදේ රැළි ගහනවාය... රට කජු ඔතපු කොළ හුළඟට පාවෙනවාය...
ගෙදර ගියාම " ටීප්.. ටීප්.. ටීප්" ගාලා එස්.එම්.එස් එනවාය... කොල්ලා මර හිඟන්නෙක් විය යුතුය.. ..ඒත් ඌට පුක කසා ගන්න නියපොත්ත නැතත්, තියෙන්නේ ඉස්තරම්ම සැම්සුන්ග් ෆෝන් එකකි... ඌ ගොම්මන් වෙලාවට මඩුවට ගාල් කල හරකෙක් වගේ ගෙයි ඉස්තෝප්පු කණ්ඩිය උඩ ඉඳගෙන ඉන ඕනෑය.... කෙල්ල ගල් ෂෝටක් ගහගෙන ඇඳේ හාන්සි වී හෝ බඩ යටකරගෙන දිගා වී කොල්ලාට මල් කඩනවාය... ඒකිගේ වටේ නෝට් පොත් දෙකක් විතර හරි, ලැප්ටොප් එකක් හරි, ටැබ්ලට් එකක් හරි තියෙන්න ඕනෑය.. ඩිරෙක්ටර් බයියාට ඒවා නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ තියෙන්නම ඕනෑය...
කෙල්ල පට්ට සල්ලි කාරියෙකි... කෙල්ල තනියෙන් හිනා වෙනවාය.. කොට්ටෙ තුරුල් කරගෙන ඔලුව දෙපැත්තට වන වන හිස්ටීරියාව හැදිලා වගේ හිනා වෙනවාය... නිකන් ඉන්න වෙලාවට ඒකි බෝනික්කෝ හෝ පුලුන් වලස්සු හුරතල් කර, කර උන්ගේ නහයෙන් අල්ලා හොලවනවාය... ඒකි නාන සීන් එකකුත් ගන්න පුලුවන් නම් වඩා යහපත්ය... ඒකි නාන බේසමක බැහැගෙන, සබන් පෙණ වලින් විලි වහගෙන, කකුල් දෙක විතරක් පෙන්නාගෙන, අල්ලට සබන් බෝළ පුම්බන සීන් එකක් තියෙනවා නම් මරුය... ඒකෙ ගැලපීමක් ඇතත් නැතත් වැඩේ නැගලා යනු ඇත...
ඔහොම ඉන්න කොට මුන් දෙන්නාව එක්කෝ කෙල්ලව බඳින්න ඉන්න සල්ලි කාර කොල්ලාට අහුවිය යුතුය... නැත්නම් කෙල්ලගේ අයියාට හෝ තාත්තාට මාට්ටු විය යුතුය.. ඒ මොක වුනත් මාට්ටු වෙන්නේ මෙළෝ බලු කපුටෙක් නැති හද්දා පාලු පාරක මුන් දෙන්නා තොඳොල් වෙවී ඇවිදගෙන යන වෙලාවටය... කෙල්ලගේ සල්ලිකාර වෙන්ට හස්බන්ඩ්, අයියා හෝ තාත්තා ලක්සරි කාර් එකක ඔතනින් යන්නේය... මුන්ව දැකලා, කණ්නාඩියෙන් බලලා, "කරාස්" ගාලා හෑන් බ්‍රේක් ඇදලා, දොර ඇරගෙන ඇවිත් කෙල්ලගේ අතින් ඇදලා "චටාස්" ගාලා ඒකිට කම්මුල් පාරක් ගැසිය යුතුය.. කම්මුල් පාර හොඳට සද්දෙ හිටින්න ගහන්න ඕනෑය... "චටාස්" සද්දෙ දෝංකාර දෙන්න ඇසිය යුතුය... කොටින්ම කිව්වොත් මේ වගේ වීඩියෝ බලන කරුමක්කාරයන්ට ඉන්න තැන්වලම චූ යන සයිස් කම්මුල් පාරක් විය යුතුය...
ඊට පස්සෙ කෙල්ල ගෙදර කාමරේට කොටු කර තබයි... කෙල්ල පැටවු මැරිච්ච නාකි වැළහින්නක් සේ අඬයි... කොල්ලා ගහෙන් වැටිච්ච රිලවෙක් වගේ විරවගෙන ඉඳියි... කොල්ලාගේ යාලුවෝ කොල්ලාව සනසන්න ඌට ක්‍රීම් සෝඩා අරන් දෙයි... ( ඕන නම් ක්‍රීම් සෝඩා එකට මොකක් හරි සමාගමක නමක් දා ගන්න පුලුහන්ය... ) ...
අන්තිමට වීඩියෝ එක ඉවර විය යුත්තේ එක්කෝ කෙල්ල ඇක්සිඩන්ට් වෙලාය.. නැත්තන් කොල්ලා කෝච්චියට, ගඟට, මූදට හෝ වැවට පැනලාය... කොල්ලා දවසක්දා පාරේ ඔහේ ඇවිදගෙන එනකොට කෙල්ල හරියටම එතනදිම කොල්ලා දිහා බලාගෙන, උගේ නම කියාගෙන පාර පනින්න ගිහින් වාහනේකට අහුවෙයි... ඊට පස්සෙ ඉතිරි ටික කරන්න අතේ සල්ලි තියෙනවා නම් හොස්පිටල් එකකට කෙල්ලව ට්‍රොලියක දාගෙන ගෙනියන හැටිත්, ඊට පස්සෙ දොස්තරලා ඒකිව ඔපරේෂන් කරන හැටිත්, කොල්ලා දණින් වැටී ඔලුවේ අත් දෙක බදාගෙන අඬන හැටිත්, කෙල්ලගේ ECG එක බිංදුවට වැටෙන හැටිත්, අන්තිමට කොල්ලා මල් පොකුරක් අරගෙන ගිහින් කෙල්ලගෙ සොහොන උඩින් තියන හැටිත් පෙන්නිය යුතුය... එතකොට මාර රොමෑන්ටික්ය... අයියලා අක්කලාගේ ජංගි තෙත් වෙන්නේ ඒ වගේ රොමෑන්ස් එකක් පෙන්නන කොටය... මාර ලව්ය... බොක්කෙන්ය... ටොප්ය... ඒ වෙලාවට සින්දුවේ උච්චතම අවස්ථාවයි... කැමරාව පිස්සු හැදිච්ච බඹරෙක් වගේ ගායක ලොල්ලා වටේ කැරකෙයි... ගායක ලොල්ලාද උගේ ලොලු කටේ හඬේ උපරිම පොන්න ගතියෙන් අඳෝනාව උච්ඡ ස්වරයට ගෙනා යුතුය....
එහෙමත් නැත්නම් මෙහෙම සීන් එකක් ගත හැක... කෙල්ල කසාද බැඳලා හයි ෆයි කාර් එකකින් හනි මූන් යයි... අර බෝයි ප්‍රෙන්ඩ් බූරු ගහලා පැරදිච්ච නාකි බයියෙක් වගේ පාර අයිනෙ දණිස්ස උඩ හොම්බ තියාගෙන ඉඳියි... ඌව දකින කෙල්ල ජනේලෙන් ඌට අඬ ගහන්න අත උස්සා "එක්කො මොකටද අද රෑට මුගෙන් ෂොට් එක වදින එක, දැන් මේ කොහෙවත් ඉන්න එකෙක් මත්තෙ නැහෙන්නේ" කියන්නා සේ නිහඬව යයි... කාර් එක ඈතට යයි... අරූ අත ගගා උම්බෑ ගායි...
දැන් වීඩියෝ එක සාදා ඉවරය... දැන් ඉඩමක් උගස් තියා හෝ මේ රටේ කරුමෙට බිහිවෙච්ච පඩත්තල රූපවාහිනි චැනල් එකකට පගාවක් දී, ඔක්කාරෙට එනකල් ඔය සින්දුව " හද රැඳි ගූ, වස මුසු ගූ, හිතක් පිරිමදින අතක්, තාරුණයයේ අහවල් එක" වගේ ගොබ්බ වැඩසටහන් වල මාසෙකට එකොළොස් දාස් වාරයක් විතර දාන්න කිව්වාම ගොඩේ ගොඩය...
ඊට පස්සේ මේ රටේ සැබෑ සාමාජීය ප්‍රශ්ණ හමුවේ නැගී නොසිට, සැලෝලයිඩ් වල අතරමං වෙච්ච, මල් මල් ලව් හීන ලෝකයක් පතන, පෞර්ෂයක් නැති මූසල හැත්තක් බෝ කරන යහපත් ව්‍යායාමයට ඔබටත් දායක විය හැක... මතක ඇතුව සින්දුව රිංග් ටෝන් හැටියටත් විකුණ ගන්න...
Wednesday, May 7, 2014
නන්දා මාලිනී සහ උමාරියා
ලහිරු කියා ඇති කථාව සම්පූර්ණ අසත්‍යයකි...පට්ටපල් බොරුවකි...උමාරියා එක්ක හැරෙන්නවත් නන්දා ඇන්ටිට බෑ කිව්වාට ඇත්තම කිව්වොත් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් උමාරියාට බැරිය... මොකද කිව්වොත් උමාරා පීඩිතයන්ගේ නැගිටීම් විකුණාගෙන සල්ලි හම්බ කර නැත... ඒකිගෙ බොළඳ හම්පඩ ලව් සින්දු සහ කොකා කෝලා බොට්ල් එක විකුණගෙන හම්බු කළ සල්ලි වල උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ ලේ වල අලෙවි මිළ සඳහන් නොවේ...
නන්දා ඇන්ටී සහ සුනිල් අන්කල් මුලින්ම හිතුවේ පැවති අතිශය අස්ථාවර වාතාවරණය තුළ දකුණේ විප්ලවවාදින්ට ජය අත්වනු ඇත කියාය.. ඒ නිසා අන්කල් ඇඟේ ලේ නටන පට්ට සින්දු සෙට් එකක් ලීවේය.. ඇන්ටි ඒවා මර ලතෝනි ලෙස ගායනා කරන ලදී... "පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ.. හදිසියේ වත් දෙවන මහජන නැගිටීම ජය ගත්තා නම් ජෝන් ලෙනන්, වික්ටර් ආරා ලෙවල් එකේ පොරවල් වන්න සිහින මවාගෙන සිටියේ මුන්ය.. එහෙම උනා නම් මුන්ට වඩා සටන්කාමී කළාවක් බිහිකල තවත් උන් මේ දකුණු ආසියාවටම නැති වෙන්නට ඉඩ තිබිණි... අපේ බයියලාත් මේ අකුරු වලට පට්ට විදියට ඇන්දාහුය.. ( මාත් ඇතුලුව ) .. තවමත් අඳිති... " යදමින් බැඳ විලංගු ලා " කියනකොට අපේ ලේ තාමත් නටනවාය... අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය.. ඉන් පසුව එළඹියේ උතුරේ පීඩිතයන්ගේ නැගිටීම වෙනුවෙන් අඬන සමයයි.. ඒකත් ඇන්ටි සහ අන්කල් ගජරාමෙට අළෙවි කරගත්හ... චන්ද්‍රිකා නැන්දා සාමය ගෙනවිත් මංගල සමරවීර අන්කල් සහ ඩිලාන් අන්කල් සාම තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය... අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය... සිරාවට උමාරියා උඹලගෙ පරම්පරාවේ සින්දු කියන ලොල්ලන් සහ ගූ මුට්ටි මට පේන්න බැරි උනත්, උඹලා නම් තවම මේ වගේ වැඩ කර නැත... උඹට නම් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් බැරිය...
ලංකාවෙ කළා කාරයන් කියා ගන්නා කට්ටිය අතර "මාර පොරවල් නැත"... ගස් නැති රටේ තුත්තිරි ගහත් අතු පතර විහිදා ගිය රූස්ස ගසක් ලෙස පෙනෙන්නා සේ අපට අමරදේව සීයාව පෙනේ.. වතාවක් ජාතික රූපවාහිනියට ඉන්දියාවේ සිට සංගීත ඔස්තාර් කෙනෙක් ගෙන්නුවේය.. ඒ ඔස්තාර් සමග සාකච්ඡාව මෙහෙයවන්න හරි හමන් මිනිහෙක් ජාතික රූපවාහිනියට නොසිටි නිසාදෝ අමරදේව සීයාව යෙදුවේය... අමරදේව සීයා පොරසේ "මෙන්න අපේ ගැයිය සහ තනු " කියා සීයාගේ සින්දුවක් කියා පෙන්නුවේය.. ලස්සන හිනාවක් පෑ ඉන්දීය ඔස්තාර් එතන තිබුණු සර්පිනාව ගෙන "ඕක අපේ අහවල් තනුව නොවැ" කියා ඒ තනුව සහ රාගය වාදනය කර පෙන්නුවේය.. අමරදේව සීයා ප්‍රමුඛ සකළ කලා වල්ලභයන්ට විනාඩි ගාණකට ඇඩ්‍රස් නැති වූ අතර බලා සිටි ජනතාවගේ ඇඳුම් ඇඟට නොදැනීම ලිහී දෙපා මුල පාත් වෙන්නා සේ දැනෙන්නට ඇත... රාමොන් මැග්සෙසේ සම්මානය අමරදේව සීයාට ලැබුනේ අපේ රටෙන් සීයාව රෙකමන්ඩ් කර යැවූ නිසා බව රටෙන් බහුතරය දන්නේ නැත... උන් හිතන්නේ පිලිපීනය සීයාට කරන සංගීතමය නමස්කාරයක් ලෙස මේ සම්මානය දුන්නා කියාය...
ලහිරුලාගේ පරපුරේ හිපාටුවන්, පුලුන්නන්, ලොල්ලන් සහ කොපිකැට් කාරයන් අද මේ වගේ ඛේදජනක තත්වයකට මෙරට ඇදගෙන යාම ගැන ඇත්තටම පුදුමයක් නැත... අම්බ ඔස්තාර්ලාය, පොරවල්ය, මිනිස්සුය, කළා සද්දන්තයන්ය, මහා රූස්ස ගස්ය කියපු අයත් අන්තිමට බලපුවාම උත්තර භාරතීය සංගීතයෙන් යාන්තම් පෝර දමා මේ කාන්තාරයේ හිටවා ඇති කෙහෙල් පඳුරුය... එකම වෙනස වන්නේ පීචන් වාහෙලා බටහිර සංගීත රටාවේ බාළ අනුකාරක වන විට ඔස්තාර් වාහෙලා පෙරදිග සංගීත රටාවෙ බාළ අනුකාරක වීමය... මේ කාළකණ්නි කමෙන් ඩිංගක් හෝ මිදෙන්න පර්යේෂණාත්මක පියවරක් තබන්නට බය නොවූ අය අතළොස්සකි.. ලයනල් රන්වලයන් එයින් එක් අයෙකි...
ප්‍රවීණ කළාකාරයො ගැන කථා කරනකොට තව එකක් තියෙනව කියන්න...
චන්ද්‍රිකා කුමාරතුංගගේ නැගීම තිබූ අවදියෙ චන්ද්‍රිකා ප්‍රමුඛ බලවත් වෙමින් පැවති පොදු පෙරමුණු සංකල්පයේ මන්ත්‍රීන් පිරිසක් එකතු වෙලා තමයි ඔය "සූරිය කන්ද" ඇද්දෙ... යූ.එන්.පී ආණ්ඩුව ඒක වහන්න හෙන ගේමක් දුන්නා.. ඒ සත්තුන්ගෙ ඇට කිව්වා... එලුවන්ගෙ ඇට කිව්වා.. එස්.බී අන්කල් ප්‍රමුඛ ශ්‍රිලනිප මන්ත්‍රීන් පිරිසකට ගිහින් සූරිය කන්දෙ මුර කරන්නත් සිද්ද වුනා යූ.එන්.පී ආණ්ඩුව ඇටකටු ටිකට ගේම දෙයි කියලා..
ඔය කාලේ අපේ ප්‍රවීණ කළා කාරයො ටිකක් එකතු වෙලා "සූරිය කන්ද" ගැන කැසට් එකක් ගැහුවා.. කැසට් එක ගින්දර වගේ ගියා... "සූරිය කන්ද ගම.. විමලාවතී නම.. පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ.. ආගිය අතක් නෑ මගේ කොලු පැටියා" කියලා සින්දුවක් තමයි ටයිට්ල් සෝන්ග් එක....නීලා වික්‍රමසිංහ ඇන්ටිද කොහෙද සින්දුව කිව්වෙ.. එඩ්වඩ් ජයකොඩි අන්කල් "මාර සෙනග වියරු ලෙසින් වනසන සඳ රට - පාර දෙපස දර සෑ වල සිරුරු දැවෙන විට " කියලා කතරගම දෙයියාට බනිනවා... කපුගේ අන්කල්ද කොහෙද කියනවා "මාවත් අරන් පල මළ සොහොනට යකුනේ" කියලා..රෝහණ බැද්දගේ අන්කල් කියනවා "ඒ දවස් වල මේ ගඟේ පාවෙච්ච මිනී කාලා කාලා ඇතිවෙලාද කොහෙද මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා" කියලා... ඒකෙ වචන ඇහෙනකොට බඩවැල් කූල් වෙනවා.. රෝහණ වීරසිංහ අන්කල්ගෙ අතිශය භාවාත්මක, මාරම මෙව්වාත්මක සංගීතය "ටිරි ටිරි ටිගි ටිස්... ටිරි ටිරි ටිගි ටිස්" කියලා බැක්ග්‍රවුන්ඩ් එකෙන් දෙනකොට නිකම් බඩේ ඉන්න දරුවොත් කෙළින් වෙලා අඬනවා.. ඒත් තරම් භීභස්‍ය රසයක් දෙන මාරම මියුසික් ඒකෙ..
කැසට් එක ගහලා සති දෙක තුනකින් ඒකට සින්දු කියපු උන් සහ කැසට් එක කරවපු උන් ඇඬුවා "දැන් අපිට මාරම තර්ජන" කියලා.. පොඩ්ඩක් ඒකත් එහෙම තිබ්බැයිකෝ.. දිවයින වගේ පත්තර වල ඒක තඩි අකුරෙන් ෆුල්බෝඩ් ගැහුවේ... බලා සිටීමට චමත්කාරයි.. ලොමු ඩැහැගන්වන සුලුයි... යුක්තිය උදෙසා අපේ ප්‍රවීණ කළාකරුවෝ නැගිටියි.. අම්මගෙ රෙද්ද වෙයි... රෙද්දේ රෙවෙයි... අරකයි.. මේකයි... හුකයි..
කැසට් එක ගහල ටික කළකින් චන්ද්‍රිකා බලයට ආවා.. සූරිය කන්දේ කැණීම් සහ ඒ ආශ්‍රිත නඩුව එකසිය ගාණට ගින්දර වගේ රට පුරා යන්න ගත්තා... "සූරිය කන්දේ අඳෝනාව, සූරිය කන්දේ අරක, සූරිය කන්දේ මේක, සූරිය කන්දේ හබරල ගාල" වගේ ලිපි දාස් ගාණක් පත්තර වල ඵල වෙන්න ගත්තා... කවි, ගී, සීපද එමට.. ඇඬුවා හොඳේ මගේ සම්ම ජාතියකට දැකලා නෑ එහෙම හොටු පෙරිල්ලක්.. "සූරිය කන්දේ නිදන මුව පොව්වන් පස් අතරින් අත් එවා අපට දෙන පණිවිඩය කුමක්ද?" වගේ ඇඬෙන ලොරි ටෝක්ස් ගියා හාසිරි ගාණට..
චන්ද්‍රිකා ඇන්ටි කලේ සැබවින්ම පෞද්ගලික පළිගැනීමකට මරා දැමුණු ඒ අහිංසක පාසැල් දරුවන්ට විමුක්තිය ඉටු කරන මෙහෙයුමක් නෙමෙයි.. එයාට ඒක විකුණගෙන බලයට එන්න සහ බලය තහවුරු කරගන්න මිසක් වෙන උවමනාවක් තිබුනෙ නෑ.. ප්‍රේමවතී මනම්පේරි මරා දාපු එක වෙනුවෙන් ප්‍රේමදාස අඬපු ඇඬිල්ලම තමයි චන්ද්‍රිකා ඇන්ටිත් ඇඬුවේ... අන්තිමට නඩුවක් අහලා, කවුදෝ මන්දා හිරේ දාලා, 89-91 භීෂණයේ සමස්ථ කතිකාවතම යට ගැහුවා.. ආයෙ පොඩ්ඩක් හරි වළ හෑරුවේ ඡන්දයක් ලං වුනොත් විතරයි... කවුද මන්දා කවියෙක් ලියලා තිබ්බා "ප්‍රේමදාස ඉදිරිපත් වන හැම ඡන්දයකටම ප්‍රේමවතීට වලෙන් නැගිටලා හෙලුවෙන් ඇවිත් ස්ටේජ් එකට නගින්න වුනා" කියලා.. අන්න එහෙම දෙයක් තමයි සූරිය කන්දෙ සීන් එකටත්, එයටත් වඩා මේ රට පුරා මරා දැමුණු අයටත් උනේ...
සූරිය කන්දේ සීන් එකේදි මරා දැමිච්ච අහිංසකයන්ගෙ දෙමාපියන්ට හිතේ මතුවෙච්ච තරහ යවලා ඒ මිනිස්සුන්ව "ෂේප් "කරගන්න කෝට්ටේ අහිංසකයන්ගෙ ආරාමයද මොකක්ද කිම්බක් හැදුවා.. වහළ ගැලවිච්ච කූඩාරමක් වගේ එකක්... හදලා අර දෙමාපියන්ව ඕකට ගෙන්න ගෙන ටී.වී එකේ සජීවි විකාශයක් දීලා ඒ මිනිස්සුන්ට කියලා ලෑල්ලක් උඩ මැටි ගුලි ගැස්සෙව්වා.. තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරලා මෛත්‍රී වඩන්න උදව් වෙන්න කියලා තමයි ඔය වැඩේ කෙරෙව්වෙ.. ඒ දෙමාපියොත් තක්කු මුක්කු වෙලා වගේ ඒ මෙලෝ තේරුමක් නැති ගොබ්බ වැඩේට සහභාගී උනා....ඒ උනාට ඒක කරවපු පූදලයන්ට අනුව නම් ඒක මාර ලොකූ එකක්.. ඒකෙන් තමයි මේ ලෝකයේ යුක්තිය පිළිබඳව ගිනි සිලුව දැල්වුනේ කිව්වා... ඒකෙ මිනී ඔලු තිස් එකක් වගේ හදපු මොනවදෝ වගයක් තට්ටු තිස් එකක් උඩ තියලා තිබ්බා... ඇහුවාම කිව්වා ඒ තමයි මියගිය දරුවන් තිස් එක් දෙනාගේ කාටවත් වෛරයක් නොකරන, ශාන්තිමත් මූණු කියලා... ඒ වගේ සැමරුමක් වෙනුවෙන් මුලු ලෝකයේම ඉදිවෙච්ච පට්ට කළා නිර්මාණයක් කියලා තමයි ඒ දවස් වල ඒකට කිව්වෙ... අන්තිමට දෙමව්පියෝ දයානන්ද ගලප්පත්තිට, උගේ ආමි එකේ පුතාට, යූ.එන්.පී ආණ්ඩුවට, උන්ගෙ දරුවන්ගෙ කටු ටිකත් විකුණන් කාපු පොදු පෙරමුණු ආන්ඩුවට මෛත්‍රී කර කර, වෛරයෙන් නිදහස් වී, සතර සෘධිපාද වඩලා එර්දි බලෙන් ගෙවල් වල ගියා....
ඔය අස්සෙ සිළුමිණ පත්තරේ අපූරු ඇඩ් එකක් දැක්කා.. ඒක දැකලා පුකවල් හිනා වෙන්න පටන් අරන් කීප දෙනෙක් රෝහල් ගත කලා.. ඇඩ් එකේ තිබ්බෙ මෙහෙම "සූරිය කන්ද කැසට් පටය විකිණී අවසන් ... ඉතිරිව ඇත්තේ තව සීමිත සංඛ්‍යාවක් පමණයි.. ඔබේ කැසට් පටිය අදම මිළට ගන්න... " කියලා.. ඊට පස්සෙ ඒ කැසට් එක කැසට් සීරීස් එකක් උනා.. සූරිය කන්ද 2 සහ 3 ත් ආවාද කොහෙදැයි... ආපු තරමටම ලෙසටම විකිණුනා.. අන්කල්ලට, ඇන්ටිලට, හොඳ පල්ලම.. පස්සෙ කොන්සර්ට් එකක් කරලා ජාතික රූපවාහිනියෙත් පෙන්නුවා ඒක...
ටික දවසක් මුන්ගේ ඥාරු අඳෝනාවල් එක්ක ඔය කැසට් ලබ්බ අහනකොට මිනිස්සුන්ට ඒක තිත්ත උනා.. සූරිය කන්ද නෙමෙයි, මුලු මහත් භීෂණයම අමතක වෙන්න ගත්තා.. ප්‍රයිවට් බස් වල කොන්දොස්තරලා ඔය පීස් එක දාගෙන එනකොටම මගියො "අනේ ඕක එපා, වෙන එකක් දාන්න" කියන්න පටන් ගත්තා.... සූරිය කන්දෙ ෆොටෝස් එහෙමත් පත්තරවල යන වාර ගණන අඩුවෙන්න ගත්තා.. මැරිච්ච උන්ගෙ දෙමාපියොත් උදේට පිළිකන්නට ඉඳුල් වතුර එක විසි කරලා, ඉතිරි වෙලා ඉන්න දරුවන්ට කන්න උයලා දෙන්න, උන්ව ඉස්කෝලෙ යවන්න පටන් ගත්තා..
අහිංසකයන්ගේ ආරාමය කියලා හදපු බක්ක කොයි කාටත් අමතක වෙලා ගියා.. ඒක වැස්සට තෙමිලා, අව්වට වේලිලා, හෙණ ගැහිච්ච පලස්තීන කූඩාරමක් වගේ මූසල මුස්පේන්තු පෙනුමක් ගත්තා... ඒකෙ වැල් ඇද්දා.. මුල් ඇද්දා.. ඕක විවෘත කරපු දවස් වල ඕකෙ මිදුලෙ "සදාතනිකව නොනිමෙන ගිනි සිලුවක් " පත්තු කරන්න ඕනෑය, ඒක "මානව ප්‍රේමයේ සදාතනික සිහිවටනයක්ය" වගේ අම්බ ටෝක්ස් දීපු කළා පරයෝ එකෙක්වත් අන්තිමට යන එන ගමන් හුජ්ජ කරන්නවත් ඒකට ගියේ නෑ... අන්තිමට උතුරේ එවුන්ටත් ඒ ෂබ්බුවම දීලා ඇවිල්ලා පටන් ගත්තු මහා සංවර්ධනේට හරස් වෙනවය කියලා කඩල දැම්මා.. මොන බල්ලෙක්වත් "මීක්" සද්දයක් කරේ නෑ...
අනේ තොපේ විමුක්තිකාමී, මානව හිතවාදී කලා පුක... !.. පුලුවන් නම් "නන්දිකඩාල්" කියලත් කැසට් පීස් එකක් ගහල විකුණ ගනියව්... !

Monday, April 28, 2014
නියාව දනිමි
මේ වූ කළී මගේ ආත්මයයි..මගේ මනෝ කායික ජීව නිරූපණයයි..රැළින් මග හැරී ගියත් රැල ගැන තැවීමක් නැත්තෙමි...කාළයේ දූලි වැකී වැඩි මහළුව ඝණ වූ සම්ද, එඩිද ඇත්තෙමි...රැලක් හෝ රෑණක් නොපතන්නෙමි..හුදෙකලා මඟ යමි..එහෙත් එමඟ මා එනවිට බොහෝ දෙන මං කඩින් ඉවත්ව මට මඟ ඉඩ දෙන බැව් දනිමි..
කාලය සහ කාලාවර්තී සංයුතීන් ක්‍රමයෙන් මා වටා, මා මඟ හැර, මා පසු කර ඉදිරියට යද්දී, මමද හුදෙකලාව කාලය පසු කර ඉදිරියට යන්නෙමි..ජීවිත කාළය පුරාවටම නොනවතින පාද චාරිකාවක දේශාඨන සැකසුම්, එබිය යුතු සෑම බිම් ධූලි වලායෙහිම තබමි...එහෙත් එකී චාරිකාවට අර...මුණක් නැති නියාව දනිමි..අරමුණක් ඇති චාරිකා ඇත්තෝ විටෙක මා සමඟද, විටෙක මා අවටද සිට, ඔවුන්ගේ සම්ප්‍රයුක්ත අරමුණු මගේ අරමුණු විරහිත මංකඩින් බැහැර ඇති හෙයින්, මගෙන් දුරස්ව අතු මාවත් ගන්නෝ වෙති..එයින් ද නොතැවෙමි..මක් නිසාද භූමිය යනු අතු මාවත් රැසක එකතු වන හෙයිනි..සෑම නදියකම හිරු පිළිඹුව නලියවන්නට ඉතා සියුම්ව වැටී දිය වළළු මවා විසිරී යන වැසි පොදේ සිට, පාසියෙන් ගහණ යෝධ තුරු අතු පතර තෙක් මා අවට ඇති සියළු වපසරීන් තුළ අතු මාවත් වෙති..ඒවා මට අතු මාවත් වුවද, කාට හෝ දිවි මාවත වන නියාවද දනිමි...
රැලක් සිටි නියාව දනිමි..හිස ආදරයෙන් අත ගෑ අත් තිබුණු නියාව දනිමි...එකී අත් හුස්මක් ගෙන ඇස් පියා ගත් මොහොතක සියුම් මතකයක් ලෙස යළිත් හිසෙහි ගෑවෙන්නට මනෝ ස්වරූපය තබා මගෙන් ඈත්ව සදහටම වෙන්ව ගිය නියාවද දනිමි..මට කාත් කවුරුවත් නැත...එසේ නැති වන නියාවද, යම් දිනෙක සිඳී ගිය වැවක් මත නැඟි රූස්ස ගසක් මෙන් ලෝක රටාවෙන් හුදෙකලා වන නියාවද දනිමි...එසේ වතුදු යම් රේඛිත වත් පසු තැවුමක් නැත...මගේ යෝධ අඩි සටහන් මත පියවර තබමින් මා පසු පස්සේ එන්නෝ ද නොපතමි...මා සේ මා යන මඟ යන්නට බොහෝ දෙනට නොහැකි බවද ඉඳුරාම දනිමි...
රූස්ස ගස් කඳන් වල දිරා ගිය පොතු අතරින් පෙරී එන මේ සුළඟින් ලය පුරවා ගන්නවුන් අතර මා වැන්නෙකුට නිකරුණේ අභියෝග කරන්නට, තර්ජනය කරන්නට ළං වන්නෝ අතලොස්සකි..එනිසාම බෙහෙවින් තැන්පත්ව වෙසෙමි..මට රජුන්ද, රජුන්ට මාද නැත...මෙසේ වෙතෙදු , මා මා වැන්නෙකු වීම ගැන බෙහෙවින්ම ආඩම්බර වෙමි..
මා පසු කරන කඩ ඉම්හි නො ඇලෙමි...ඒවායෙහි ගිම් නිවූමුත්, ඒවා මට අයත් නොවන නියාවද දනිමි...ඒවා හැර යතත්, එක වරක් වත් යළි ඒ දෙස හැරී වත් නොබලමි...මට කියා කිසිත් නැති වන වගද ඉඳුරාම දනිමි..එබඳු දෑ ඇති වෙතොත් යෙහෙකැයි ගින්න පළහන අසුරක වත් නොපතමි..මා... සමීපයෙහි, මා පිටුපසින්, මට ඉදිරියෙන්, මගේ පිට මත, මගේ සෙවණැල්ලේ බොහෝ දෙන කළින් කළට මා යන ගමනට සමපාත ගමනක යෙදුණා මතකය..එහෙත් එතකුදු මා එකවරක් ඇස පසෙකට හරවා "ළඟින් ඉන්නේ කවුදැයි" බැලුවා පමණකි..ඔවුහු මා සමඟ එසේ අවුත් මගේ අරමුණු විරහිත මං පෙත ඔවුන්ගේ මඟින් බෙදී වෙන් වන සන්ධිස්ථානයේදී මා අමතක කොට යන බවත්, එතැන් සිට ඔවුනට මා මඟදී මුණ ගැසුණු යෝධ ඡායාවක් පමණක් වන බවත් දන්නා හෙයින්, ඒ කිසිවෙකුත් මා සමඟ දිගටම එතොත් යෙහෙකැයි සිතා නොතැවෙමි..එසේ නොවන නියාවද දනිමි...
මා ජය ගත්තෙකුද නොවෙමි..පරාජිතයෙකුද
නොවෙමි..මා ලෝකයා සමඟ දිනන්නට වත්, පරදින්නටවත් කිසිදු "තරඟයක" නියැලී නැත්තෙමි.."ඔබ ජීවිතය දිනුවාදැයි" මගෙන් පැණයක් අසන්නටවත් කිසිවෙකුත් නො එන නියාවද දනිමි..එසේ හෙයින් ඒ පැණයට පිළිතුරක් සූදානම් කර ගන්නට නොවෙ...හෙසෙමි..මේ දිගු ගමනේ මා අභිමුඛයෙහි, මේ දූලි වන මාවතේම ආ බොහෝ දෙනෙකු, "ජීවිතය දෙස හැරී බලන දිනක සතුටක් දැනිය යුතු නිසා" එසේ දැනෙන්නට පසු කරන මඟ සකසා ගන්නට වෙහෙස වූ අයුරුත්, වෙහෙස වන අයුරුත්, වෙහෙස වන අයුරුත් දුටිමි..මම එසේ වෙහෙස නොවෙමි...මක් නිසාද මම කවදා හෝ දිනක "ජීවිතය දෙස හැරී බලන්නට" සිතා සිටින්නෙකු නොවෙමි...එනිසා මා ආ මඟ කෙසේ තිබුණත් මට ඉන් ඵලක් නැත...
මගේ ආත්මය යම් කිසි රූප ස්වභාවයකින් යම් දිනෙක පෙනී සිටී නම් ඒ මේ රූපයයි...හිරු නැගෙතොත්, නැඟෙන හිරු බසින නියාවද දනිමි...ඒ බසින හිරු සමඟ අවට ගිලෙන අඳුර මැඳින් බැසී යන ගිනි ගෝලය දෙස බලමින් ඉදිරියට ඇදෙමි..මාත් සමඟ ආවෝ දැන් මට මතක නැත...කිසිවෙකුත් මා අවට සිටියායැයි මතක තබා ගන්නටද වුවමනා නැත..මා ඔබ සමීපයට දෙවරක් නො එමි..මේ මඟද යළි නොයමි..මේ මඟ ආ විවිධ වූ අපූරු සතුන් අතර පසු තැවීමෙන් තොරවූ අතළොස්ස අතර මාත් ඇති බව දනිමි..මා අමුතු අමුත්තෙකි..සැමට අමුත්තෙකි...මේ මා ලියූ බොහෝ දේ අතර ඇති, මගේ ආත්මය ගැන කථාවයි...
Subscribe to:
Posts (Atom)